Cricket NewsEXCLUSIVE

මෙරට කාන්තා ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරමින් නවසීලන්තය පරදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඓතිහාසික තරඟාවලි ජයක් වාර්ථා කරයි !

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසය තුල පළමු වරට නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව එක්දින ජයක් වාර්ථා කලේ මීට දින කිහිපයකට ඉහතදීය.ජයග්‍රහණයකින් ඇරඹි එක්දින තරඟාවලිය තරඟ 2-1 ක් ලෙසින් ජයගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූයේ ඉතිහාසයේ පළමු වරටයි.

ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි හා අවසන් එක්දින තරඟයේ කාසියේ වාසිය දිනාගත් සංචාරක නවසීලන්තය මුලින්ම පන්දු රැකීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හිමිකර දුන් අතර ඒ අනුව මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි නවසීලන්ත කාන්තා පිල පන්දුවාර 31 ක් තුල ලකුණු 127 ක් රැස් කරගෙන සිටියදී තරඟයට අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වූ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් සුසී බේට්ස් නොදැවී ලකුණු 63 ක් රැස් කල අතර සොෆී ඩිවයින් ලකුණු 38 ක් රැස් කලේය.

තරඟයේ ජයග්‍රහණය සඳහා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 29 ක් තුල හිමිවූ ඉලක්කය ලකුණු196 ක්.පන්දුවාර 26 කුත් පන්දු 5 ක් අවසානයේදී සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඉලක්කය පසු කර යන්නට සමත් විය.

මෙවර තරඟාවලියේ රැස් කල දෙවැනි ශතකයට උරුම කම් කියමින් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පන්දු 80 කදී ලකුණු 140 ක් නොදැවී රැස් කරමින් වාර්ථාගත තරඟාවලි ජයක් කරා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙහෙයවීය.

ඇයට අගනා සහයක් වෙමින් නිලක්ශිද සිල්වා නොදැවී ලකුණු 48 ක් රැස් කිරීමට සමත් විය.

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තෙවැනි හා අවසන් එක්දින තරඟය කඩුලු 8 කින් ජයගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට නවසීලන්තය හමුවේ තරඟාවලි ජයක් වාර්ථා කිරීමට සමත් විය.

අද නිමාව දුටු තෙවැනි තරඟයේ වීරයා ලෙසින් මෙන්ම තරඟාවලියේ වීරයා ලෙසින් ද ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සම්මාන දිනාගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button