Cricket NewsInternational

කුසල් මෙන්ඩිස් ගේ අර්ධ ශතකය, වනිදුගෙ ප්‍රහාරාත්මක පිතිකරණයත්, චාමික හා මහීශ්ගෙ සුපිරි පන්දු යැවීමත් සමග T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වු පළමු පුහුණු තරගය ජය ගනියි

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරඟයන්හි තෙවැනි පුහුණු තරඟය අද ඔස්ට්‍රේලියාවේ MCG හිදී පැවැත්වෙන අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරඟ වැදුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායකයාගේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වේගවත් ආරම්භයක් එක් කරන්නට නිස්සංකට හා කුසල් මෙන්ඩිස් හට හැකිවිය.ආරම්භක සබඳතාවය ලකුණු 57 ක් වද්දී ලකුණු 21 ක් ලබා සිටි නිස්සංක දවාගන්නට බ්‍රැඩ් එවන්ස් සමත් විය.එක් අන්තයක සාර්ථක අන්දමින් පන්දුවට පහර දුන් කුසල් මෙන්ඩිස් පන්දු 25 කදී තම අර්ධ ශතකය රැස් කල අතර රයන් බර්ල් ගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් ලකුණු 54 ක් ලබා සිටියදී දැවී ගියේය.

අවසන් පන්දුවාර කිහිපයෙ දසුන් සමග එක් වෙමින් වනිදු හසරංග දැඩි ප්‍රහාරයක් එල්ල කල අතර වනිදු පන්දු 14කින් ලකුණු 37ක් ලබා ගත්තෙ හතරේ පහර 4ක් හා හයේ පහර දෙකක් සමගින්.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 155ක් ලබා ගත් අතර මහීශ් තීක්ෂණ හා චාමික කරුණාරත්න අතර කඩුලු දෙක බැගින් බෙදී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button