Cricket NewsDomestic CricketEXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය සමත් විය. ඒ කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කරමිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 109 ක ඉලක්කයක් හඹාගිය සෙබස්තියනයිට්ස් ක්‍රීඩකයෝ ඕවර 22.3 ක් අවසානයේ කිසිවකු නොදැවී ඉලක්කය පසුකර ගියහ. ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ තුළින දිල්ෂාන් පන්දු 65 කදී හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 53 ක්ද, නවිඳු විතානගේ පන්දු 70 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 53 ක්ද රැස්කරමින් ජයග්‍රහණය තහවුරු කළහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button