Cricket NewsDomestic CricketEXCLUSIVE

SLC Major Club T20 Tournament හී ශූරතාවය දික්වැල්ල නායකත්වය දරණ NCC පිලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සමඟ රුපියල් හත්ලක්ෂ පනස්දහසක මුදල් ත්‍යාගය දිනා ගැනීමට නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් තරග කළ එන්සීසී ක්‍රීඩා සමාජය සමත් විය.

එන්සීසී පිල විස්සයි20 ශූරතාව පිට පිට දෙවැනි වරටත් දිනා ගැනීම කැපී පෙනෙන අතර, පසුගිය වසරේ තරගාවලියේදී ඔවුන් කෝල්ට්ස් පිල සමඟින් සම ශූරයන් වී තිබිණි.

ඊයේ (28) පී. සරා ඕවල් පිටියේ පැවති අවසන් තරගයේදී එන්සීසී පිල හමුවේ බ්ලූම්ෆීල්ඩ් පිල කඩුලු 8කින් පරාජයට පත් විය. අනුශූරයන්ට රුපියල් ලක්ෂ 5ක් හිමි විය.

තරගයේ කාසියේ වාසිය දිනූ එන්සීසී පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බ්ලූම්ෆීල්ඩ් පිලට ඕවර 10.1කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 54ක් පමණි.

ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 5කට කඩුලු 3ක්, මතීෂ පතිරණ සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් දවා ගනිමින් බ්ලූම්ෆීල්ඩ් ඉනිම බිඳ දැමූහ.

 

එම ඉලක්කය කඩුලු 2ක් දැවී සපුරා ගැනීමට සමත්වූ එන්සීසී පිලට වැය වූයේ ඕවර 5.5ක් පමණි.

ලසිත් ඇඹුල්දෙණිය අවසන් තරගයේ වීරයා ලෙස නම් කළ අතර, රුපියල් ලක්ෂ 2ක් සමඟ තරගාවලියේ වීරයා සම්මානය එන්සීසී ක්‍රීඩා සමාජයේ චාමික කරුණාරත්නට හිමිවිය. ඒස් කැපිටල් කණ්ඩායමේ පවන්ත වීරසිංහ තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසත්, කෝල්ට්ස් පිලේ අකිල ධනංජය තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසත් සම්මාන දිනාගත්හ. ඔවුන් දෙදෙනාට ලක්ෂය බැගින් ද අවසන් තරගයේ වීරයාට රුපියල් 75,000ක් ද හිමි විය. අකිල තරග 4කදී කඩුලු 10ක් බිඳ දැමූ අතර, චාමික කරුණාරත්න තරග 6කදී කඩුලු 10ක් දවා ගත්තේය.

එන්සීසී කණ්ඩායමේ කමිල් මිෂාර ඉනිම 5කදී ලකුණු 142ක් රැස් කරමින් වැඩිම ලකුණුලාභියා වූ අතර, පවන්ත වීරසිංහ (ඒස්) ලකුණු 137ක් රැස් කළේ තරග 3කදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button