Cricket NewsEXCLUSIVE

SRH පරදා කල්තියා කොල්කටා IPL අවසන් මහා තරඟයට !

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පලමු අවසන් පූර්ව තරඟය ජයගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අවසන් මහා තරඟය සඳහ ඊයේ සුදුසුකම් ලැබීය.

තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පහර දුන් SRH කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 159 ක් පමණයි.විශිෂ්ඨ පන්දුයැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් කඩුලු 3 ක් බිඳ දැමූ අතර SRH පිල වෙනුවෙන් හුදෙකලා සටනක් දියත් කල රාහුල් ත්‍රිපාති ලකුණු 55 ක් රැස් කලේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හඹා ගිය කොල්කටා ක්‍රීඩකයින් එම ඉලක්කය පන්දුවාර 13 කදී පසු කර ගියේය.

නායක ශ්‍රෙයාස් අයියර් ලකුණු 58(24) ක් හා වෙන්කටේශ් අයියර් 51(28)ක් නොදැවී රැස් කරමින් SRH පිල අවසන් මහා තරඟය වෙත කැටුව ගියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button