BusinessCricket GossipCricket KnowledgeCricket NewsDomestic CricketEXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාසල් 100කට අධික සංඛ්‍යාවකට ක්‍රිකට් උපකරණ බෙදා දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘ජාතික මාවත’ යටතේ ආරම්භ කරන ලද මෙම වැඩසටහන යටතේ 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් සඳහා උපකරණ බෙදා දෙන ලදී. 

ඒ අනුව පාසල් 45කට ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ක්‍රිකට් බෑග් පිරිනැමුණු අතර පාසල් 22කට කනිෂ්ඨ ක්‍රිකට් බෑග් පිරිනැමුණු අතර බාලිකා ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල්වලටද කනිෂ්ඨ ක්‍රිකට් බෑග් පිරිනැමුණු ඒවා අතර වේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික ගමන් මග වැඩසටහන යටතේ දීප ව්‍යාප්ත වැඩසටහනක් වන මෙම බෙදා හැරීමේ වැඩසටහන ගරු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා, සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානී කමල් ධර්මසිරි මහතා ද ඊයේ සවස පැවති මෙම අවස්ථාවට සහභාගී විය. 

මෙම උත්සවයේදී තණතිලි කඩුලු සහිත ක්‍රීඩාංගණ ඇති සහ ජ්‍යෙෂ්ඨ පාසල් ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් 38කට තණකොළ කපන යන්ත්‍ර ද ප්‍රදානය කෙරිණි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button