Cricket NewsEXCLUSIVE

“විරාට් කෝලි දවසක, LPL ක්‍රිඩා කරනවා බලන්න මම ආසයි” – Galle Gladiators නායක භානුක රාජපක්ෂ කියයි.!

පසුගිය දෙසැම්බර් 5 වන දා සිට ආරම්භ වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මේ වන විට කෙමෙන් කෙමෙන් අවසන් වෙමින් පවතිනවා.

මීට දින කිහිපයකර පෙර ප්‍රසිද්ධ ඉන්දීය මාධ්‍ය ආයතනයක් වන ANI සමඟ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ එක්වුවා.

එහිදී විරාට් කෝලිගේ නායකත්ව විලාසය මෙන්ම ලංකා ප්‍රිමියර් ලීගයෙහි කෝලි ක්‍රීඩා කිරීම තමන් දැකීමට ප්‍රිය කරන බව භානුක පවසා සිටියා.එහිදී භානුක මෙලෙසින් අදහස් දක්වා සිටියා.

” කණ්ඩායමක් මෙහෙයවන එක සැමවිටම උද්යෝගිමත්. පෞද්ගලික හේතූන් මත ෂාහිඩ් අෆ්රිඩි පසුගිය වසරේ අතරමගදී LPL තරඟාවලියෙන් ඉවත් වූ නිසා මට Galle Gladiators මෙහෙයවීමේ අවස්ථාව ලැබුනා. ක්‍රීඩකයන් සමඟ එය අපූරු අවස්ථාවක් වූ අතර මේ වසරේදී ශූරයන් වීමට බලාපොරොත්තු වනවා” යනුවෙන් භානුක කියා සිටියා.

විටෙක මාධ්‍යවේදියා විසින් ඔහුගේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා කවුරුන්ද වග විමසූ විට, භානුක පවසා සිටියේ “කිසිදු සැකයකින් තොරව, මේ මොහොතේ මම කියන්නම්, විරාත් කෝලි ” යනුවෙනි.

LPL තරඟාවලියකදී තමන් දැකීමට ප්‍රිය කරන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයා කවුරුන්ද යන්න විසූ විට ඔහු සුපිරි ඉන්දීය පිතිකරු විරාට් කෝලිව තෝරා ගත්තේය.
“අනිවාර්‍යෙන්ම විරාත් කෝලි” යනුවෙන් එහිදී භානුක රාජපක්ෂ පවසා සිටියා.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකයා ලෙස රාජපක්ෂ ඔහුගේ භූමිකාව මනාව සිදුකරගෙන යනු ලබන අතර අවසන් වරට ඔහු කියා සිටියේ නායකත්වය තුලින් ඔහුගේ දක්ශතා දියුණු වී ඇති බවයි.

“මම දැන් ටික කාලයක ඉඳන් කණ්ඩායමට නායකත්වය දෙනවා, ඒ නිසා ඒක මගේ පිතිකරණයට හැම විටම ධනාත්මක බලපෑමක් ඇති කළා, නායකයෙක් විදියට මම හැමතිස්සෙම යන්නෙ දිනන්න, මට ඕන නැහැ තරගයක් ලකුණු 10කින් පරදින්න. නායකත්වය මගේ පිතිකරණයට විශාල බලපෑමක් කරලා තියෙනවා, ඒක වඩාත් ආක්‍රමණශීලී වෙලා,” යනුවෙන් එම මාධ්‍ය හමුවේදී භානුක වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7