Cricket NewsEXCLUSIVE

පැරණි ක්‍රිකට් නායකයන්ගේ අවලාද , අසත්‍ය පතුරුවන මාධ්‍ය වලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ගේ පැත්තේ සිටගනී.!

දනුෂ්ක ගුණතිලකගේ සිද්ධියට අදාළව ඇප මුදල් සොයන බවට බාහිර පාර්ශ්ව කරන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතික්ෂේප කරන අතර සිද්ධියට අදාළ සියලු වියදම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරනු ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රකාශ කර සිටිනවා.

” මාධ්‍ය , ඇතුළු හැමදෙනාම බොරු මඩ පතුරුවන් නැත්තම් මේක විසදගන්න ගොඩක් ලේසියි. දනිශ්කගෙ නඩුවට වියදම් දරන්න ක්‍රිකට් ආයතනයට මුදල් නෑ කියල කියන කතාව අසත්‍යක්, ඇමතිතුමා කියනව ක්‍රීඩා අරමුදලෙන් හරි අරන් දෙන්න වෙයි කියල, ඇත්තටම ඔය අරමුදලටත් පහුගිය කාලෙ අපි සල්ලි දුන්නෙ. අපිට ඇතිවෙන්න මුදල් තියනව, ඒ ළමයින්ගේ සල්ලි අපි ලග තියෙන්නෙ, ඒ නිසා අපි ඒවා යොදවනවා.

ඒ වගේම අපේ හිටපු නායකතුමා(අර්ජුන රණතුංග) කියල තිබ්බා පාර්ටි 16කට අපේ කණ්ඩායම සම්බන්ධ වෙලා තිබ්බා කියලා. වගකීමෙන් කියනවා පාර්ටි 1යි. මැනේජර්ගෙන් ඇහුවා එතුමත් කිව්වෙ 1 යි කියලා. නමුත් ඔහු කියනවා නෑ අපිට ආරංචි උනා කියලා. මම එතුමට කියනව පුලුවන්නම් දෙවෙනි පාර්ටිය මොකක්ද කියල පෙන්නන්න කියලා.
මේ හැමෝම ඇවිත්, ක්‍රිකට් හදනවා කියල අපිත් එක්ක තියන ඊරිසියාව නිසා ඒ ක්‍රීඩකයන්ට ගහන්න එපා කියල හැමෝගෙන්ම ඉල්ලනවා ”

ශ්‍රී ලංකා ක්‍රිකට් උපලේකම් ක්‍රිශාන්ත කපුවත්ත මහතා මෙලස සඳහන් කර සිටියා.

– විශේෂ ස්තුතිය සටහනේ මුල් ලියුම්කරුට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7