Cricket NewsEXCLUSIVE

“ශ්‍රී ලංකාව කුමන තත්වයකදී උවත් ඉතා භයානක කණ්ඩායමක්” – කවදත් ශ්‍රී ලංකාව පහත් නොකරන ඕස්ට්‍රේලියානු නායක Aaron Finch කියපු කතාව.!

එළැඹෙන ජුනි මස 7 වනදා සිට ආරම්භ වීමට නියමිතව තිබෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයට විස්සයි-20 තරග තුනක්, එක්දින ජාත්‍යන්තර තරග 5ක් සහ ටෙස්ට් තරඟ දෙකක් ඇතුළත්.

දෙරට අතර තරගාවලියේ මූලික තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේත්, පසුව පල්ලකැලේ සහ ගාල්ල යන අන්තර්ජාතික ක්‍රීඩාංගණවලදීත් පැවැත්වීමට මේ වන විට සැලසුම් කර ඇත.

මේ අතර ඕස්ට්‍රේලියානු විස්සයි-20 කණ්ඩායමේ නායක Aaron Finch අද මාධ්‍ය හමුවකට එක් වී සිටි අතර කවදත් ශ්‍රී ලංකාව අගය කරන නායකයකු ලෙස ඔහු අපුරු ප්‍රකාශ කිහිපයක්ම එහිදි සිදු කළා

“ශ්‍රී ලංකාවට යම් ප්‍රීතියක්, විනෝදයක් ගෙන ඒමට හැකි වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා. 2016 වසරෙන් පසු අප මෙහි පැමිණි පළමු අවස්ථාව මෙයයි. ලංකාව සංචාරය කිරීමට වඩාත් සුවිශේෂී ස්ථානයක්. ඔබට මෙහි ලැබෙන ආගන්තුක සත්කාරය, මිත්‍රශීලී බව සහ ක්‍රීඩාවට ඔවුන් දක්වන ආදරය අදහාගත නොහැකි ය. ”

“අපි ඔවුන්ට එරෙහිව කරට කර තරග කිහිපයක් ක්‍රීඩා කළා. ඔවුන් ඉතා භයානක කණ්ඩායමක්, ඔබ ඔවුන්ගේ මුල් පෙළ දෙස බැලුවහොත්, ඔහුගේ දිනයේ ඕනෑම කෙනෙකුට ප්‍රහාරයක් එල්ල කළ හැකි කුසල් මෙන්ඩිස් එහි සිටිනවා. පැහැදිලිවම වනිදු හසරංග අවසන් වසර දෙකේ විස්සයි විස්ස පිටියේ ඇදහිය නොහැකි දක්ෂතාවයක් පෙන්නුම් කළා.”

එම මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button