Cricket NewsEXCLUSIVE

“ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරියේ ශ්‍රී ලංකාව 3-0ක් ලෙස දැවැන්ත පරාජයක් ලබනවා, වැඩිම ලකුණු ගන්නෙ Maxwell” – ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිඩක Adam Gilchrist

සංචාරක ලෝකශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අද කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරග සංචාරයේදී ඕස්ට්‍රේලියාවේ රූපවාහිනී විකාශන කටයුතු හිමිකරගෙන තිබෙන්නේ Fox Sports ක්‍රීඩා මාධ්‍ය ජාලයට අයත් Fox Cricket නාළිකාවයි.

මේ අතර Fox Cricket ආයතනය විසින් අද දිනයේ දී හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කිහිප දෙනකු සිය මැදිරියට කැඳවා මෙම විස්සයි-20තරඟාවලිය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා.

එම වැඩසටහනට හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් වන Mark Waugh, Allan Border, Michael Vaughan, Mike Hussey සහ Adam Gilchrist සහභාගි වුණා

එහිදී Fox Cricket නිවේදකයා මෙම තරඟාවලියේ තීරණය කෙසේ වේවිද යනුවෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සාකච්ඡාවට සහභාගී වූ ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක Adam Gilchrist ප්‍රකාශ කර සිටියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන මෙම විස්සයි-20 තරගාවලිය ශ්‍රී ලංකාව 3-0ක් ලෙස දැවැන්ත පරාජයක් ලබන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් Adam Gilchrist ප්‍රකාශ කර සිටියේ මෙම තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගන්නේ ඕස්ට්‍රේලියානු පිතිකරු Glenn Maxwell බවත් වැඩිම කඩුලු ලාභියා බවට පත් වන්නේ ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක Josh Hazlewood බවත් ඔහු එම වැඩසටහනේදී ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම තරඟාවලියේ වීරයා බවට Glenn Maxwell පත්වනු ඇති බවටද Adam Gilchrist ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7