Cricket NewsEXCLUSIVE

100%ක ජයග්‍රාහී ප්‍රතිශතයක් සමග නැවතත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව #01ට පැමිණෙයි.!

ශ්‍රී ලංකා කණ්ඩායම නැවත වතාවක් ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට පැමිණීමට අද සමත් වුණා.

ඒ පළමු ස්ථානයේ සිටි ඕස්ට්‍රේලියා කණ්ඩායම දෙවන තැනට පත් වීමත් සමඟයි.

ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර අද අවසන් වූ අළු බඳුන තරඟාවලියේ සිව්වන තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

ඒ හේතුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණ ප්‍රතිශතය 100% සිට 83.33% දක්වා අඩු වු අතර පසුගිය දා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ක්‍රීඩා කළ ටෙස්ට් තරඟ දෙකම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ ප්‍රතිශතය 100% පවතින බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු සටහනේ පළමු තැනට පත් වීමට සමත් වුනා.

මේ අනුව එක් ටෙස්ට් තරඟාවලියක් හෝ ක්‍රීඩා කල රටවල් අතුරින් “සියලු තරඟ ජයග්‍රහණය” කර ඇති කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත් වී තිබෙනවා,

මීලගට ලෝක ටෙස්ට් ශුරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන තීරණාත්මක තරඟාවලියක් ඉන්දියාව සමග ඉදිරියේදී පැවැත්වීමට නියමිත අතර එම තරඟ දෙක අවම වශයෙන් ජය පැරදුමකින් තොරව අවසන් කරගතහොත් ටෙස්ට් ලෝක ශුරතාවලියේ ඉදිරි ස්ථානයක් ශ්‍රී ලංකා කණ්ඩායමට නියත වශයෙන්ම ලැබෙනු ඇත.

ලෝක ටෙස්ට් ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button