Cricket NewsEXCLUSIVEILT20Match Review

මතිෂ පතිරණ ක්‍රීඩා කරන Desert Vipers කණ්ඩායම ලකුණු 157කින් පරාජය කරමින් ILT20 තරඟාවලියේ කණ්ඩායමක් ලැබූ දැවැන්තම ජය MI Emirates වාර්තා කරයි.!

ලොව ප්‍රබල ක්‍රිකට් තරු පිරිවරා එක්සත් අරාබි එමීර් රාජ්යේදී පළමු වරට පැවැත්වෙන “International T20 League” (UAE ILT20 2023) තරඟාවලියේ 20වන තරඟය ලෙස MI Emirates කණ්ඩායම සහ Desert Vipers කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 157ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට MI Emirates කණ්ඩායම සමත් වුනා. මෙම තරඟයේදී Desert Vipers හි තුරුම්පු ක්‍රීඩකයා වන වනිඳු හසරංග ව විවේක ගන්වා තිබුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Desert Vipersප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා MI Emirates කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් MI Emirates කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 241ක් රැස් කිරීමට සමත් වුණා.

MI Emirates වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Muhammad Waseem පන්දු 44කදී වේගවත් ලකුණු 86ක් වාර්තා කිරීමට සමත් වුනා.

ඊට නොදෙවෙනි ඉනිමක් දියත් කල Kieron Pollard පන්දු 19ක් තුල ලකුණු 50ක් රැස් කළ අතර Andre Fletcher ද ලකුණු 50ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Tom Curran කඩුලු 2ක් සහ මතිෂ පතිරණ එක් කඩුල්ලක් බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 242ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Desert Vipers පිතිකරුවන්ට පන්දුවාර 12.1 අවසානයේ සියලු දෙනා දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 84ක් පමණයි

Desert Vipers ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Tom Curran ලකුණු 12ක් රැස් කල අතර Mark Watt ලකුණු 12ක් රැස් කළා.

පන්දු යැවීමේදී Fazalhaq Farooqi කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7