Cricket NewsEXCLUSIVE

කුසල් මෙන්ඩිස් ඇතුළු ශ්‍රී ලංකා පිතිකරුවන් නවසිලන්ත XI සමග පැවැත්වෙන පුහුණු තරඟයේ ඉහළ දස්කම් දක්වයි – තරඟාවලි ජයග්‍රහණය වෙනුවෙන් පන්දුයවන්නන් සුදානම් කිරීමේ අරමුණින් ඉනිම කලින්ම අත් හිටුවයි.!

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තීරණාත්මක ටෙස්ට් තරග සංචාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන දෙදින පුහුණු තරගයේ පළමු දිනයේදී සාර්ථක පිතිහරඹ පුහුණුවක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූනා. ලින්කොන්හි පැවැත්වෙන මෙම තරග‌යේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 කට ලකුණු 276 ක් ලබා ගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්ත XI කණ්ඩායමට ලබා දුන්නා.

නවසීලන්ත තණතීරුවලදී පන්දු යැවිය යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හරි හැටි අවබෝධයක් ලබා ගැනීමේ අදහස පෙරදැරිව ඉනිම අතර මඟ අත්හිටුවීමට තීරණය වී තිබෙන අතර කෙසේ වෙතත් සිය පළමු ඉනිම ක්‍රියාත්මක වෙමින් පවතින නනවසීලන්ත XI කණ්ඩායමට දිනය අවසන් වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 141 ක් ලබා ගැනීමට සමත්ව සිටියේය.

කාලගුණ අනාවැකිවලට අනුව හෙට (05) දිනය වර්ෂාව සහිත දිනයක් වන බවට පත්ව තිබීම නිසා අද තරගය තරමක් වේලාසනින් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව පළමු සැසිය මිනිත්තු 135 කුත්, දෙවැනි සැසිය මිනිත්තු 135 කුත් සහ අවසන් සැසිය මිනිත්තු 120 ක් වන සේ පැවැත්වීමට සැලසුම් කර ඇති නමුත් ශ්‍රී ලංකා ඉනිම ක්‍රියාත්මක වෙමින් තිබෙන අතතුරදී වර්ෂාව ඇද හැළෙන සේයාවක් දැක ගැනීමට හැකිවීම නිසා ඉනිම අත්හිටුවා පන්දු යවන්නන්ට අවස්ථාව ලබා දීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට නොදෙවැනි සාර්ථක පිහිහරඹයක නියැළුණු නවසීලන්ත XI කණ්ඩායමට වෙනුවෙන් ආරම්භක පිතිකරු ‌බොයිල් ලකුණු 73 ක්සහ බූලා ලකුනු 37 ක් ලබා කඩුල්ලේ රැදී සිටිති. දැවී ගිය කඩුල්ල ළහීරු කුමාර විසින් දවා ගන්නා ලදී.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථකම පිතිකරුවන් බවට පත්වීමට ඔෂධ ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා සමත්වූහ. නායක දිමුත් කරුණාරත්න ලකුණු 21 ක් ලබා සිටියදී දැවී යෑමෙන් අනතුරුව ඔෂධට එක් වූ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 162 ක සාර්ථක සම්බන්ධතාවක් එක් කළහ. එම කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 199 කදී බිඳ දැමීමට නවසීලන්ත XI පන්දු යවන්නන් සමත් වද්දී සෙසු පිතිකරුවන්ට පන්දුවට පහර දීමේ අවස්ථාව සලසා දෙමින් ඔෂධ මුලු ලකුණු සංඛ්‍යාව 205 ක්ව තිබියදී ඉනිම අත්හිටුවා පිටියෙන් ඉවත්විය.

ඒ වන විටත් පන්දු 111 කට මුහුණ දී සිටි දකුණත් ආරම්භක පිතිකරුවා හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගින් ලකුනු 78 ක් ලබා සිටියේය.

ආරම්භයේ සිටම ප්‍රවේගකාරී පිතිහරඹයක නියැළි කුසල් මෙන්ඩිස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 16 ක් සමඟින් ලබා ගත් ලකුණු 95 සදහා පන්දු 87 ක් පමණක් වැය කළේය. ඔහුට අමතරව ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 38 සහ 35 බැගින් ලබා ගත්හ.

හෙට තරගයේ දෙවැනි දිනයයි.

ශ්‍රී ලංකාව පළමු ඉනිම – 276/4 (57.3) – (ඔෂධ ප්‍රනාන්දු 78, දිමුත් කරුනාරත්න 21, කුසල් මෙන්ඩිස්, 95, ඇන්ජලෝ මැතිව්ස් 38, දිනේෂ් චන්දිමාල් 35

නවසීලන්තය XI පළමු ඉනිම – 141/1 (38) බොයිල් 73*, කමිංග් 27, බූලා 37*,ළහිරු කුමාර 16/1

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7