Cricket NewsEXCLUSIVE

කුවේට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ඇතුළු ප්‍රධානතම වගකීම් පැවරුණු කවුද මේ ශ්‍රී ලංකාවේ කොල්ලො දෙන්නා…

මෑත කාලයේදී ලොව වටා විසිරී ඇති ජාතික කණ්ඩායම් හා ලීග් පිටියෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ නම් වැඩිපුර ඇසෙන්නට ලැබුණි. එමෙන්ම පසුගිය දා ආසියානු කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ තරඟ වටයේදී අන්තර්ජාතික විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්හි 27 වන තැන පසුවන කුවේට් කණ්ඩායම 11 වැනි ස්ථානයේ පසුවන එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම තියුණු තරඟයකින් අනතුරුව පරාජය කලේය.

ශ්‍රී ලංකා දේශීය පිටිය හා පුරාතන ලුම්බිණි ක්‍රිකට් ඉතිහාසය හොඳින් කියවා ඇති ඕනෑම ලාංකික ක්‍රීඩා ලෝලියෙකුට හුරුපුරුදු නාමයන් කිහිපයක් කුවේට් කණ්ඩායම දෙසින් ඇසුණු බව නම් නොරහසකි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමට එරෙහිව ආරම්භක පිතිකරුවෙකු ලෙසින් රවිජ සඳරුවන් පන්දු 25 කදී වේගවත් ලකුණු 34 ක් රැස් කලේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින්. ලුම්බිණි විද්‍යාලයෙන් දේශීය පළමුපෙල පිටියට දායාද කල ප්‍රවේගකාරී පිතිකරුවෙකු වෙන රවිජ මෙම තරඟාවලියේදී මෙන්ම බහරේන් කණ්ඩායමට එරෙහිව නිමාව දුටු තරඟ 5 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේදීද සාර්ථක විය.

විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ තුල 37 ක සාමාන්‍යක් හා 156 ක ප්‍රහාරක වේගයක් සටහන් කරගෙන තිබෙන අතර එය ලොව සයවැනි වැඩිම විස්සයි විස්ස ප්‍රහාරක වේගයද වනවා.

කුවේට් ජාතික කණ්ඩායමේ ප්‍රධානතම වගකීම හිමිවන්නේද ලාංකිකයෙකුටයි. කුවේට් කණ්ඩායමේ නායකත්වය දරණ මොහොමඩ් අස්ලාම් ද ශ්‍රී ලාංකිකයෙක්. රවිජ සේම කොළඹ ලුම්බිණි විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකු වන අස්ලාම් බදුරලිය හා සැරසන්ස් වැනි ක්‍රීඩා සමාජ ඔස්සේ මෙරට දේශීය තරඟ බිමිට පිවිස ඇති අයෙකි.

වමත් දඟ පන්දු යවන්නෙකු මෙන්ම මැදපෙල ස්ථාවර පිතිකරුවකුද වන අස්ලාම් තුන් ඉරියව් ක්‍රීඩිකයෙකු ලෙසින් විස්සයි විස්ස තරඟ තුලදී කුවේට් කණ්ඩායම නියෝජනය කරන්නේය.

කුවේට් ජාතික කණ්ඩායම සතු වටිනාම සම්පත හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකි.කුවේට් ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මුතුමුදලිගේ පුශ්පකුමාර මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස වරම් හිමිකරගත් අයෙකි.

තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසින් ප දේශීය පිටියේ ලකුණු 6000 වඩා හා කඩුලු 300 ද ඉක්මවා ලබාගෙන ඇති ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තරඟ 3 කට සීමා වීම අභාග්‍යකි. ටැමිල් යූනියන් හා කෝල්ට්ස් වැනි ක්‍රීඩා සමාජ නියෝජනය කල ඔහු එක්තරා වකවානුවක් දේශීය පිටියේ සිටි ප්‍රභල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බව කිවහොත් නිවැරදියි.

කුවේට් කණ්ඩායමට රවිජ ඇතුලු ශ්‍රී ලාංකිකයින් දක්වන දායකත්වය ඉමහත් ය. කෙසේ නමුත් විස්සයි විස්ස ආකෘතිය තුල නොබෝ දිනකින් ඔවුන් සාර්ථක කණ්ඩායමක් වෙනු ඇතැයි අපේක්ෂා කිරීමට පුලුවන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button