Cricket NewsDomestic CricketEXCLUSIVE

SSC නායක දසුන් ශානකගෙන් දැවැන්ත හයේ පහර 7ක් සමග ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව අධිවේගී අර්ධ ශතකයක්.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ තීරණාත්මක තරඟ කිහිපයක් අද පැවැත්වුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරඟ තුලදී නියෝජනය කල මෙන්ම නොකල ක්‍රීඩකයින්ද සිය පෞද්ගලික දක්ශතා හොඳ මට්ටමක රඳවා ගන්නට සමත් විය.

ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව අද කොළඹදී (CCC) පැවති තරඟයේදී SSC නායක දසුන් ශානක විශිෂ්ඨ තුන් ඉරියව් දක්ශතා අතරට පිවිසෙන්නට සමත් විය.

යොවුන් පිතිකරුවන් වන ක්‍රිශාන් සංජුල හා ශෙවෝන් ඩැනියෙල්ගේ කෙටි වේගවත් ඉනිම් SSC ඉනිමට හොඳ ආරම්භයක් ලබාදුන් අතර ආරම්භක පිතිකරු ධනුශ්ක ගුණතිලක යලිත් අසාර්ථක වීම කැපී පෙනුණි.

නොම්මර 4 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි නායක දසුන් ශානක පන්දු 27 කදී වේගවත් ලකුණු 62ක් රැස් කලේය. ශානකගේ ඉනිම හයේ පහර 7 කින් හා එක් හතරේ පහරකින් වර්ණවත් විය.

ශානකගේ ඉනිම හේතුවෙන් SSC කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී ලකුණු 159 ක් රැස් කලේය.

පන්දු යැවීමේදීද ශානක ලකුණු 7 ට කඩුලු 2 ක් බිඳ දමන්නට සමත් වූ අතර් ගුවන් හමුදා ඉනිමද ලකුණු 119 ට සීමා කරන්නට ඔවුන් සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button