Cricket NewsEXCLUSIVELegends Series

Legends League 2022 විස්සයි-20 තරඟාවලියේ පළමු අර්ධ ශතකය උපුල් තරංගගේ පිත්තෙන්.!

අතීතයේ ක්‍රිකට් පිටිය රජ කර පසුව ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් ලොව වටා ප්‍රවීණ ක්‍රිකට් තරු සම්බන්ද කරගනිමින් පසුගිය වසරේ පැවති Road Safety World Series තරඟාවලායේ තවත් දිගුවක් ලෙස ඉන්දියා මහරාජාස්, ඒෂියා ලයන්ස් සහ වර්ල්ඞ් ජයන්ට්ස් යන කණ්ඩායම් තුනේ සහභාගීත්වයෙන් ඕමානයේ අල් අම්රත් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන Legends League තරගාවලිය අද ආරම්භ වුනා.

ඒ ඒශියා ලයන්ස් කණ්ඩායම සහ ඉන්දියා මහරාජාස් කණ්ඩායම අතර පැවැත්වෙන තරඟයෙනුයි.

ශ්‍රී ලංකා සහ පකිස්තාන ක්‍රිඩකයන්ගෙ සම්මිශ්‍රණයකින් ඒශියා ලයන්ස් කණ්ඩායම සමන්විත අතර අද තරඟයට තිලකරත්න ඩිල්ශාන්, උපුල් තරංග, මුත්තයියා මුරලිදරන් සහ නුවන් කුලසේකර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්ව සිටිනවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දියා මහරාජාස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඒෂියා ලයන්ස් කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ඒශියා ලයන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 175ක ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

එහිදී ඒෂියා ලයන්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ උපුල් තරංග පන්දු 46ක් තුළ වේගවත් ලකුණු 66 ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 2ක් සමග හතරේ පහර 7ක් ඇතුළත් වුණා.

මෙය ඉතිහාසයට එක්වූයේ 2022 ලෙජන්ඩ් ලීග් තරගාවලියේ වාර්තා වූ ප්‍රථම අර්ධ ශතකය ලෙසටයි.

උපුල් තරංගට කදිම සහයෝගයක් ලබා දුන් නායක misbah-ul-haq ලකුණු 44 ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Manpreet patel කඩුලු 3ක් බිඳ හෙලූ අතර Irfan Patha කඩුලු දෙකක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 176ක් ජයග්‍රහි ඉලක්කයක් හඹා යාම සඳහා ඉන්දියා මහරාජාස් පිතිකරුවන් පිටියට පිවිසීමට නියමිතය.

තරඟය සජීවිව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button