Cricket GossipCricket NewsEXCLUSIVE

ඉන්දීය මොස්තර නිරූ­පණ ශිල්පි­නි­යගේ මර­ණ­යට පොලි­සිය අයි­පී­එල් ක්‍රීඩක අභි­ෂේක් ෂර්මා හඹා යයි.

ඉන්දි­යාවේ සූරත් ප්‍රදේ­ශයේ සිය නිවෙ­සේදී ගෙල වැළ­ලා­ගෙන දිවි නසා ගත් මෝස්තර නිරූ­පණ ශිල්පි­නිය ටාන්යා සිංගේ මර­ණ­යට අයි­පී­එල් තරග බිමේ සන්ර­යිස් හයි­ද්‍ර­බාද් කණ්ඩා­යම නියෝ­ජ­නය කරන තුන්ඉ­රි­යව් ක්‍රීඩක අභි­ෂේක් ෂර්මාගේ සම්බ­න්ධ­තා­වක් ඇතැයි සැක කරන බව පොලි­සිය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. 28 හැවි­රිදි මෝස්තර නිරූ­පණ ශිල්පි­නිය දිවි නසා ගැනී­මට පෙර අභි­ෂේක් ෂර්මාට ‘වට්ස්ඇප්’ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ කෙටි පණි­වු­ඩ­යක් යවා ඇතැයි ද, අභි­ෂේක් ඊට ප්‍රති­චාර දක්වා නැතැයි ද මූලික විම­ර්ශ­න­යේදී හෙළි වූ බව පොලි­සිය සඳ­හන් කර තිබේ.

23 හැවි­රිදි අභි­ෂේක් ෂර්මා සහ මිය ගිය ටාන්යා අතර තිබූ සම්බ­න්ධ­තාව කුම­ක්දැයි අනා­ව­ර­ණය කර­ගැ­නී­මට පොලිස් නිල­ධා­රීන් අභි­ෂේක් ෂර්මා­ගෙන් ප්‍රශ්න කිරී­මට නිය­මිත බව ද වාර්තා වේ. මේ අතර අභි­ෂේක් ෂර්මා ඇගේ දුර­ක­තන අංකය අව­හිර කර තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button