Cricket NewsDomestic CricketEXCLUSIVE

වර්ණ සංග්‍රාමයේදී ලබාගත් සාර්ථකත්වය දිගින් දිගටම පවත්වාගනිමින් තනුක දාබරේ හා ලසිත් කෲස්පුල්ලේ වේගවත් ශතක රැස් කරයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ තුන්දින තරඟාවලිය ආරම්භ කරමින් අද Ace capitals හා Saracens ක්‍රීඩා සමාජ තරඟ වැදුණි.

එම තරඟයට අමතරව තවත් තරඟ කිහිපයක් පැවැත්වූ නමුත් පළමු දිනයේම Ace Capital පිතිකරුවන් තරඟය තමන්වෙත නතුකරගන්නා බවක් පෙනෙන්නට තිබුණි.

පලමු දිනයේම Ace Capital පිතිකරුවන් තරඟාවලිය ශතක ද්විත්වයකින් ආරම්භ කලේය. නිමාව දුටු SLC ආරාධිත විස්සයි විස්ස තරඟාවලිය සාර්ථකව අවසන් කල යොවුන් ක්‍රීඩක ලසිත් කෲස්පුල්ලේ හා තනුක දාබරේ පළමු තරඟයේදීම ශතක වාර්ථා කරන්නට සමත් වූ අතර තෙදින තරඟයකට සාපේක්ෂව බලන කල ඔවුන් දෙදෙනාගේ ශතක සීමිත පන්දුවාර තරඟ තුලදී දක්නට ලැබෙන ශතක වැනි විය.

දාබරේගේ පිත්තෙන් දිනයේ පළමු ශතකය වාර්ථා විය.ආරාධිත විස්සයි විස්ස තරඟාවලියේදී සේම ප්‍රවේගකාරී ආරම්භයක් ලබාගත් දාබරේ ඉනිම පුරාවටම 152 ක ප්‍රහාරක වේගයක් රඳවාගත්තේය. පන්දු 87 දී ලකුණු 133 ක් රැස් කල දාබරේගේ ඉනිම හයේ පහර 6 කින් හා හතරේ පහර 18 කින් සමන් විත විය.

ඉන් අනතුරුව එම තරඟයේදීම වාර්ථා වූ අනෙක් ශතකය වූයේ ලසිත් කෲස්පුල්ලේගේ පිත්තෙනි. ඔහුත් නිමාව දුටු SLC ආරාධිත විස්සයි විස්ස තරඟාවලියේ ශූරයින් වූ SLC රෙඩ්ස් කණ්ඩායම වෙනුවෙන් නිරන්තරයෙන් ලකුණු අතර සිටි අතර මෙම තරඟාවලියේදීද එම රිද්මය මනාව උපයෝගී කරගත්තේය.

පන්දු 139 ක් පුරාවටම ක්‍රියාත්මක වූ කෲස්පුල්ලේ ඉනිමේ නැංගුරම වෙමින් ලකුණු 160 ක් රැස් කල අතර හයේ පහර 10 ක් හා හතරේ පහර 16 ක් එම ඉනිමට අන්තර්ගත විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button