Cricket NewsEXCLUSIVEFuture Stars

වර්ණ සංග්‍රාමයෙන් සොයා ගත් අලුත්ම පිතිකරණ තුරුම්පුව – අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙමින් Greys කණ්ඩායමට ජය ගෙන ආ තනුක දාබරේ.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි විස්ස තරඟාවලියේ තීරණාත්මක දෙවන කොටස අරඹමින් අද SLC Greys සමඟින් SLC Greens කණ්ඩායම් තරඟ වැදුනි.එහිදී අශාන් ප්‍රියන්ජන්ගේ Greys කණ්ඩායම තරඟය ලකුණු 81 කින් ජයගත්තේය.

විසිතුන් හැවරිදි තනුක දාබරේගේ දියත් කල ඉනිම හේතුවෙන් ඔහු තරඟයේ වීරයා ලෙසින් සමාන දිනාගත්තේය.දාබරේගේ ඉනිම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අරක්ගෙන සිටින අසාර්ථක ආරම්භක පිතිකරුවන් වෙත රතු එලියක් දැල්වූ බව නොහරසකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවන් තරඟාවලියක් සංවිධානය කිරීමේ අරමුණට දාබරේ උපරිම සාධාරණයක් සිදු කලේය.ජාතික කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමට මෙවන් තරඟාවලි සංවිධානය වද්දී යොවුන් ක්‍රීඩකයින් දක්ෂතා අතරට පිවිසීම අගනේය.

කොළඹ ලුම්බිණි විද්‍යාලයෙන් දේශීය ක්‍රිකට් පිටියට දායාද කල දාබරේ තම දේශීය ක්‍රිකට් පිටියේ මුල් වකවානුව සාර්ථක අන්දමින් ගත කරමින් සිටින පිතිකරුවෙකු වමතින් පිත්ත හසුරවන දාබරේ ශක්තිමත් තාක්ෂණයකටද උරුමකම් කියයි. වර්ථමානයේදී ඔහු Ace Capital කණ්ඩායම සතු ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙකි. පළමු පෙල තරඟ 6 ක් list A තරඟ 25 ක් හා විස්සයි විස්ස තරඟ 13 කට දාබරේ තම දායකත්වය ලබා දී තිබේ. ශතකයක් හා අර්ධ ශතක හතක් තම ලකුණු මල්ලට බැර කරගෙන ඇති දාබරේ මීට පෙර ශ්‍රී ලංකා 19 න් පහල කණ්ඩායම නියෝජනය කලේය.

දේශීය පිටියේදී දාබරේ ප්‍රවේගකාරී පිතිකරුවෙකි.ඔහුගේ අද ඉනිම පසෙක තබා බලන කල සෙසු දත්තයන් ඔහු ප්‍රවේගකාරී පිතිකරුවෙකු බව මනාව පෙන්නුම් කරයි. පළමු පෙල තරඟ තුලදී දාබරේගේ ප්‍රහාරාත්මක වේගය 70 කි. එය list A තරඟ තුලදී 113 ක් වන අතර විස්සයි විස්ස තරඟ තුලදී ඔහු එම අගය 133 ක් දක්වා ගෙන එන්නට සමත් ව තිබේ.

බැලූ බැල්මට දත්ත තුල ඔහු ප්‍රහාරාත්මක පිතිකරුවෙකි.එමෙන්ම ඔහු පන්දු 40 කදී ලකුණු 66 ක් රැස් කරගනිමින් දියත් කල ඉනිම එයට තවත් සාධාරණයක් සිදු කලේය. ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම අවසන් කාලය තුල පෙනෙන්නට තිබුණු අසාර්ථකත්වයට ප්‍රධානම හේතු දෙකක් විය. පළමු පන්දුවාර 6 තුලදී ආරම්භක පිතිකරුවන් ලකුණු අතරට පිවිසීම! මෙය අදටත් ප්‍රශ්නයකි.

දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් වන ආර් ප්‍රේමදාස පිටියේදී දාබරේ පන්දු යවන්නන් මනාව හසුරුවා ගනිමින් පහර එල්ල කලේය. ඉදිරිපාදයේ මෙන්ම පසුපාදයේද පිටිය සිසාරා පහරවල් එල්ල කල හැකි ශක්තිමත් තාක්ෂණයකටද දාබරේ උරුමකම් කියන බවක් අවසන් අන්තර් සමාජ සීමිත පන්දුවාර තරඟාවලියේදී සේම මෙම තරඟාවලියේදීද ඔහු පෙන්නුම් කලේය.

අද තරඟයේදී දාබරේ ක්‍රියාත්මක කල ඉනිම හතරේ පහර 8 කින් හා හයේ පහර 2කින් වර්ණවත් වී තිබුණි.දාබරේගේ නම ඉදිරියේ ලකුණු 66 ක් ලියැවී තිබුණු නමුත් වඩාත් ආකර්ෂණීය කරුන වනුයේ විස්සයි විස්ස තරඟ 13 කට පමණක් ක්‍රීඩා කර ඇති දාබරේ අත්දැකීම් වලින් හොඳමට්ටමකට සිටින පන්දු යවන්නන්ට එරෙහිව ඉනිම ගොඩනැගූ ආකාරයයි.පළමු පවර්ප්ලේ පන්දුවාර 6 තුලදී දාබරේ ලකුණු 44 ක් රැස් කලේය. එම ලකුණු 44 රැස් කරන්නට ඔහු පන්දු 21 ක් වැය කල අතර නිලකුණු පන්දු 5 ක් පමණක් ඒ තුල අන්තර්ගත වීම විශේෂත්වයක් .

දාබරේගේ ඉනිමෙන් ලද රිද්මය හා අඩිතාලම සෙසු පිතිකරුවන්ට ඉදිරියට ගෙනයන්නට හැකි නොවීම ඔහුගේ ඉනිමට සිදුකල විශාල අසාධාරණයක්.මෙවන් ආකෘතියක් තුල තම මුල් වකවානුව ගෙවමින් සිටින දාබරේගේ ඉනිම මෙවර තරඟාවලියේ ආරම්භක පිතිකරුවෙකු වාර්ථා කල හොඳම ඉනිම බව නම් අවිවාධයෙන්ම කියන්නට පුලුවන.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7