Cricket NewsEXCLUSIVE

එංගලන්ත ක්‍රිකට් හි කිරුළ හිමි කුමරුගේ සටන්කාමී ඉනිම හයිද්‍රාබාද් පිටිය වර්ණවත් කරයි ! ඔලී පෝප් ද්විත්ව ශතකය ආසන්නයේදී ලකුණු 196 කට දැවී යයි !

ඉන්දු එංගලන්ත පළමු ටෙස්ට් සටනට වෙන්වූයේ හයිද්‍රාබාද් තණතීරුවයි.ආසියානු උපමහද්වීපයෙහි එක් කණ්ඩායමක් සතු ප්‍රභලතම දඟ පන්දු බලඇණිය හමුවේ එංගලන්ත පළමු ඉනිම ලකුණු 246 කට සීමා වූ අතර ජඩේජා හා අශ්වින් අතර කඩුලු තුන බැගින් බෙදී යද්දී අක්සර්ගේ කඩුලු පැසට බැර වූ කඩුලු ගණන 2 ක්.

සංචාරක එංගලන්ත පන්දු යවන්නන්ට රිසිසේ පහර දුන් සත්කාරක භාරතයන් සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 426 ක දැවැන්ත ලකුණු පුවරුවක් සංචාරක ක්‍රීඩකයින් අභිමුව නිර්මාණය කලේය.

එකදු ශතකයකින් හෝ ඉන්දීය ඉනිමට දායකත්වයක් නොවූ මුත් යසස්වි ජයිස්වාල්,ලෝකේශ් රාහුල් හා රවීන්ද්‍ර ජඩේජා ලකුණු 80 සීමාව ස්පර්ෂ කල ඉනිම් තම නම් ඉදිරියේ ලියාගත්තේය.

පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ජෝ රූට් කඩුලු 4 ක් බිඳ හෙළුවේ ඉන්දියාව තුල ඔහුගේ විශිෂ්ඨ පන්දුයැවීමේ සාමාන්‍ය ඉදිරියට ගෙන යමින්.ග්ලේන් මැග්‍රා,මුත්තයියා මුරලිදරන් වැනි ක්‍රීඩකයින් පවා එහිදී සිටින්නේ රූට් ට පසුපසින් වීමත් විශේෂත්වයක්.

ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 190 ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම අරඹන්නට සිදුවූ එංගලන්තයේ කඩුලු 5 ක් ලකුණු 163 ක් තුල දැවී ගියේ සත්කාරක ක්‍රීඩකයින්ට තරඟයේ වැඩි වාසි ගෙන දෙමින්.

එතැන් පටන් පසුපෙල පිතිකරුවන් හා එක්වූ ඔලී පෝප් එංගලන්ත ඉනිම වෙනුවෙන් රණකාමී ඉනිමක් දියත් කරමින් එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 420 ක් දක්වා ඔසවා තැබුවේ ඉන්දීය කණ්ඩායමට සිව්වැනි ඉනිමේ ලකුණු 231 ක ඉලක්කයක් ලබා දෙමින්.

එංගලන්තය වෙනුවෙන් වාර්ථාගත ඉනිමක් දියත් කල ඔලී පෝප් ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් ජැස්ප්‍රිට් බුම්රා හමුවේ දැවී ගියේ ලකුණු 196 ක් ඔහුගේ නම ඉදිරියේ සටහන් කරගෙන තිබූ විටෙකයි.

පෝප් ගේ ඉනිම පුරාවට ඔහු හතරේ පහර 21 ක් එල්ල කර තිබූ අතර සමස්ත ඉනිම වෙනුවෙන් ඔහු වැය කල පන්දු ගණන 278 ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button