Cricket NewsEXCLUSIVEPremier League

නව නීති රැසක්ද එක් කරගනිමින් ලීග් ක්‍රිකට් ලොව අතික්‍රමණය කරන්නට එන කොදෙව්වන්ගේ ගිනිකෙළි සැණකෙළිය “THE 6IXTY” තරඟාවලියට දින නියම වේ.!

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය හා කැරිබියන් ප්‍රිමියර්ලීග් සංවිධායකවරුන් විසින් සංවිධානය කරනු ලබන The 6ixty නම් පන්දු 60 තරඟාවලියේ පළමු සංස්කරණය සඳහා යෝජිත දින හා කණ්ඩායම් පසුගියදා නිවේදනය කලේය. සිත්ගන්නාසුළු නව නීති කිහිපයක් මෙම තරඟාවලොය සඳහා එක් වීමට නියමිත බවයි සංවිධායක වරුන් තම නිල ට්විටර් ගිණුම ඔස්සේ සඳහන් කර තිබුණේ.

ලබන අගෝස්තු මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත THE 6IXTY තරඟාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 6 ක් හා කාන්තා කණ්ඩායම් තුනක් එක්වනු ඇත.

ශාන්ත ලුසියා කිංග්ස්, ගයානා ඇමසන් වොරියර්ස්, බාබඩෝස් රෝයල්ස්, ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස්, ජැමෙයිකා ටල්ලාවාස් සහ ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පේට්‍රියට්ස් එම තරඟාවලියට සහභාගී වීමට නියමිත පිරිමි කණ්ඩායම් වේ.
එසේම T10 තරඟාවලියේ පළමු සංස්කරණයට Trinbago, Barbados සහ Guyana කාන්තා කණ්ඩායම් තුනක් ද සහභාගී වනු ඇත.

මෙම තරඟාවලිය CPL තරඟාවලියට පෙර අගෝස්තු 24 සිට 28 දක්වා ශාන්ත කිට්ස් සහ නෙවිස් හිදී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ පළමු කාන්තා තරගයේදී ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් අගෝස්තු 24 වැනිදා බාර්බඩෝස් රෝයල්ස් සමඟින් ද පළමු පිරිමි තරගයේදී ගයානා ඇමසන් වොරියර්ස් අගෝස්තු 25 වැනිදා ශාන්ත ලුසියා කිංග්ස් පිල සමඟින් ද තරග වැදීමට නියමිතය.

එමෙන්ම මෙම තරඟාවලියේ ශූරයින්ට පිරිනැමෙන කුසලානය ‘යුනිවර්ස් බොස් කුසලානය’ ලෙස නම් කර ඇති අතර එය බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල්ගේ නමින් නම් කර තිබීම විශේෂත්වයකි.

තරගාවලියේ ක්‍රීඩකයින්ගේ තරග 12ක් සහ ක්‍රීඩිකාවන්ගේ තරග 7ක් පැවැත්වෙන අතර තරගාවලියේ සන්නාම තානාපතිවරයා වන බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල්, ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පේට්‍රියට්ස් වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇත.

එමෙන්ම පළමු වරට පැවැත්වෙන මෙවර තරඟාවලියේ සිත්ගන්නා සුළු නීති කිහිපයක්ද දක්නට ලැබෙනු ඇත. පිතිකරණ කණ්ඩායම්වලට කඩුලු 6ක් පමණක් හිමිවනු ඇත.

පවර්ප්ලේ අවස්ථාව පන්දුවාර දෙකකින් සමන්විත වන අතර, ආරම්භක පන්දුවාර දෙකේදී හයේ පහර දෙකක් එල්ල කිරීමෙන් පිතිකරණ කණ්ඩායමට තෙවැනි ඕවරයේ පාවෙන පවර් ප්ලේ අවස්ථාවක් විවෘත කරගත හැකිය.

පන්දු 30 එක් අන්තයකින් ද, ඉතිරි පන්දු 30 අනෙක් අන්තයෙන් ද යොමු කරනු ලැබේ. එමෙන්ම පන්දු යැවීමේ කණ්ඩායම මිනිත්තු 45කින් පන්දුවාර 10ක් සම්පූර්ණ කිරීමට අපොහොසත් වුවහොත් අවසන් පන්දු 6 සඳහා පන්දු රකින්නෙකු ඉවත් කෙරෙනු ඇත. මේ අතර, පිතිකරු දැවී නොයන අභිරහස් රහිත පහරක් සඳහා රසිකයින්ට ඡන්දයද ප්‍රකාශ කළ හැකිය.

එමෙන්ම මෙවර තරඟාවලියට එක්වන එකම ශ්‍රීලංකික ක්‍රීඩකයා වනුයේ සීක්කුගේ ප්‍රසන්න වන අතර ඔහු කිරොන් පොලාඩ්ගේ නායකත්වයෙන් යුතු ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟින් ගිවිසුම් ගත වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button