Cricket NewsEXCLUSIVE

National Super League තරඟාවලියේ සුපිරි දස්කම් දැක්වූ ඕශධ ප්‍රනාන්දු හට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායවේ දොරටු විවර වෙයි.!

ලබන මැයි මස 15 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික සංචිතය මේ වන විට නම් කර අවසන්.

නිමාව දිටු ඉන්දියානු සංචාරයේදී පිට කොන්දේ ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා යොවුන් පිතිකරු පැතුම් නිස්සංක මෙවර තරඟාවලියෙන් ඉවත් කර ඇති බව සඳහන් වේ.

ඒ ඔහුගේ ආබාධය තවමත් සුව අතට පත් නොවීම හේත්වෙන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කල නැශනල් සුපර්ලීග් සිව් දින තරඟාවලියේ විශිෂ්ඨ දස්කම් දක්වමින් තරඟාවලියේ දෙවනි වැඩිම ලකුණු ලාභියා වන්නට ඕශධ ප්‍රනාන්දු සමත් විය.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට එලඹෙන බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියේදී පැතුම් නිස්සංකගේ ආදේශකයා සෙවීමේදී පළමු තේරීම ඕශධ වී තිබේ.එහිදී ඕශධ ප්‍රනාන්දු බොහෝ දුරට ශ්‍රී ලංකා නායක දිමුත් සමඟින් එක්ව ඉනිම ආරම්භ කරනු ඇත.

අවසන් වරට බංග්ලාදේශයේදී පැවැති ටෙස්‍ට් තරඟාවලියේදී මුල් පෙල පිතිකරුවෙකු ලෙසින් සාර්ථක වූ ධනංජය ද සිල්වා මුල් පෙල පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button