Cricket KnowledgeEXCLUSIVELegends Story

“ප්‍රතික්ෂේප වීම් දහසක් මැද සිය සාර්ථකත්වය සොයාගත් ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම පා දඟ පන්දු යවන්නා” – ෂේන් වෝන් පිලිබඳ සටහනක්

“උබව ආයේ අපිට එපා,”

ඒ ලියුම් කඩදහියේ සාරාංශය ඒක. ලියුම නැවත වතාවක් කියවන ගමන් ඒ වයස අවුරුදු දහ අටේ කොල්ලා මෙහෙම හිතනවා.
මට කියලා කරන්න පුළුවන් මොකක් හරි රස්සාවක් මේ ලෝකේ ඇති.

මේ තරුණයා ඔස්ට්‍රේලියානු පාපන්දු ලීගයේ (AFL) ශාන්ත කිල්ඩා ක්‍රීඩා සමාජයට අයත් ක්‍රීඩකයෙක්. ඔහු අතට ලැබී තිබුණේ තවදුරටත් ඔහුගේ සේවය අවශ්‍ය නොවන බව සඳහන් කරමින් ක්‍රීඩා සමාජයෙන් ආපු ලියුම.

ජීවිතේ ගැටගහන්න නොයෙක් රස්සාවල් කරපු මේ තරුණ කොල්ලා අන්තිමේ ක්‍රිකට් පන්දුවක් අතට අරන් නවතිනවා.
ඔහුට ඉතාම හොඳින් ක්‍රිකට් පන්දුව දඟ කවන්න පුළුවන් කම තිබුණා. දෙමාපියන්ගේ දායාදයෙන් ලැබිච්ච විශාල දෑතක් වගේම ශක්තිමත් මැණික් කටුවකුත් පිහිටා තිබුණා.

කොහොමින් කොහොම හරි 1992 අවුරුද්දේ ඉන්දියානු කණ්ඩායමට එරෙහිව සිඩ්නි ක්‍රීඩාංගණයේදී ඔය කියන තරුණයා ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගන්නවා.

ඉන්දියානුවෝ ගහනවා ඌගේ බෝලවලට හරියටම ලකුණු 150ක්. කොල්ලාට එක විකට් එකයි. රවී ශාස්ත්‍රී සහ සචින් තෙන්දුල්කාර් දෙන්නා මේ තරබාරු කොල්ලාට දුවන්න ගහන්නේ.

ඉන්දියානුවන්ගෙන් බඩ කට පිරෙන්න කාපු මේ තරුණයා දවසක් ටෙරී ජෙනර්ට කතා කරලා කියනවා මේ වැඩේ ඒ කියන්නේ ටෙස්ට් මැච් වල බෝල් කරන හැටි තව ඉගෙන ගන්න ආසයි කියලා. ටෙරී ජෙනර් කියන්නේ ඔස්ට්‍රේලියාවේ නම ගියපු පුහුණුකරුවෙක්.

“තමුසේ මහත වැඩියි. තමුන් ඔස්ට්‍රේලියානු ටීම් එකට ගහන එක ගැන සතුටු වෙනවා. තමුන්ට වඩා දක්ෂ එවුන් කීදෙනෙක් එලියේ ඉන්නවද?”ටෙරී ජෙනර් කියපි.

හැබැයි මේ කොල්ලා නෙවෙයි ගේම ඇතෑරියේ. කොහොම හරි ටෙරී ජෙනර්ව අල්ලගෙන තමන්ගේ ක්‍රිකට් හැකියාව මුවහත් කර ගන්නවා.

එහෙම හැමතැනින්ම ප්‍රතික්ෂේප වෙච්ච මේ හාදයා අන්තිමේ නවතින්නේ ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් වෙමින්.ඔව්. මේ තරුණ කොල්ලාගේ නම ෂේන් කීත් වෝන්.

ෂේන් වෝන් කියන්නේ සිංහල වචනයෙන්ම කියනවා නම් බේබද්දෙක්, සල්ලාලයෙක්, සිගරැට් පප්පෙක්. එකී මෙකී නොකී සකලවිධ දුසරිතෙන්ම කප් ගහපු පොරක්.

හැබැයි පිට්ටනියේ ලයින් එක පැන්නාම කෙක්කෙන් හෝ කොක්කෙන් ගේම ගහපු යකෙක් වගේ පොරක්.
ෂේන් වෝන්ගේ නික්මයෑම ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිසාල පදාසයක් ගැලවිලා ගියා හා සමානයි.
ෂේන් වෝන් කියපු දේකින්ම සටහන නිමා කරන්නම්.

“මම ගොඩාක් වැරදි කරපු මිනිහෙක්. මගේ පෞද්ගලික ජීවිතය ගොඩාක් අවුල්. හැබැයි මාව විශ්වාස කරපු මට ආදරය කරපු කිසිවෙකු මම ක්‍රිකට් පිටිය ඇතුලේදී අපහසුතාවයකට පත් වෙන තැනට වැඩ කරන්නේ නෑ කියන දේ මම අදහපු ධර්මතාවයක්”

පල්ලෙහා පිංතුර ලංකාවට සුනාමි විපත ආපු දවස්වල ගාල්ලට ඇවිත් මිනිස්සු එක්ක කතා බහ කරපු ෂේන් වෝන්.

– Kanchana Pitigala තැබූ සටහනක් ඇසුරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button