Cricket NewsEXCLUSIVELegends Series

ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි ඩිල්ෂාන් ඇතුළු ක්‍රීඩකයන් Legends තරඟාවලිය වෙනුවෙන් පුහුණුවීම් අරඹයි – තිසර පෙරේරාත් පුහුණුවීම් වලට.!

ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර එළඹෙන සැප්තැම්බර් 10 වැනිදා සිට ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙවර තරගාවලියට කණ්ඩායම් 8ක් ඉදිරිපත් වන අතර ඒ Sri Lanka Legends, India Legends, South Africa Legends, Australia Legends, England Legends, Bangladesh Legends, New Zealand Legends සහ West Indies Legends යන කණ්ඩායම්ය.

මේ වන විට තරඟාවලිය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම් ආරම්භ කර තිබෙන අතර ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණි නායක තිලකරත්න ඩිල්ෂාන්, නුවන් කුලසේකර ඇතුළු ක්‍රීඩකයන් පිරිසක් ද මේ සඳහා අද එක් වී තිබෙනවා.

එමන්ම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බිහි වූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයකු මෙන්ම LPL තරඟාවලියේ තවමත් අපරාජිත ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා ද මෙම පුහුණුවීම් වලට එක් වී සිටියා.

එම අවස්ථාවේ ජයාරූප කිහිපයක් පහතින්,

01

02

03

04

ජයාරූප සඳහා විශේෂ ස්තුතිය සමීර පිරිස් මහතාට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button