Cricket NewsEXCLUSIVESA20

තරඟාවලිය පුරාවට සිය අණසක පැතිරවූ කුසල් මෙන්ඩිස් ක්‍රිඩා කරන Pretorius Capitals කණ්ඩායම SA-20 ලීගයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි.!

දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කරගනිමින් පළමු වරට පැවැත්වෙන SA20 ප්‍රිමියර් ලීග් තරඟාවලියේ Paarl Royals කණ්ඩායම සමග ඊයේ පැවති PLAY-OFF තරඟය ජයග්‍රහණය කරමින් මෙවර තරඟාවලියේ අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට කුසල් මෙන්ඩිස් නියෝජනය කරන Pretorius Capitals කණ්ඩායම සමත් වුණා.

තීරණාත්මක තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Paarl Royals කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Pretorius Capitals කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Pretorius Capitals කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 153ක් රැස් කර ගැනීමට සමත් වුනා.

Pretorius Capitals කණ්ඩායම වෙනුවෙන් Rille Rossouw ලකුණු 56ක් රැස් කල අතර Eathan Bouch ලකුණු 22ක් සහ Phil Salt ලකුණු 22ක් බැගින් රැස් කළා.

පන්දු යැවීමේදී Andile Phehlukwayo විසින් කඩුලු 3කි බිඳ හෙළුවා.

ඒ අනුව ලකුණු 154ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි Paarl Royals කණ්ඩායමට පන්දුවාර 19ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වුයේ ලකුණු 124ක් පමණයි.

ඉණිමේ වැඩිම ලකුණු ලාබියා වූ David Miller ලකුණු 31 ක් සහ Paul Strling ලකුණු 21ක් රැස් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7