Cricket NewsEXCLUSIVE

නුවනිඳු සංචිතයෙන් එලියට විසිවූ හේතුව හෙළිවෙයි !

දේශීය පිටිය තුල නිරන්තර දස්කම් අතර සිටි යොවුන් පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු හට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිවූයේ ඉකුත් වසරේ ජනවාරියේදීය.

මංගල ඉනිමේදීම ඉන්දීය කණ්ඩායමට එරෙහිව අර්ධශතකයක් රැස් කරන්නට නුවනිඳු සමත් වූ අතර ඉන් අනතුරුව ඔහු ක්‍රීඩා කලේ නවසීලන්ත එක්දින තරඟාවලිය පමණයි.

මෙවරද ඇෆ්ගනිස්ථානය සමඟින් හෙට ආරම්භ වන එක්දින තරඟාවලිය සඳහා නම් කල සංචිතය තුල නුවනිඳු හට ඉඩක් වෙන්වී නොමැති අතර අද ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමෙන් අනතුරුව ඊට හේතුව මාධ්‍ය වෙත සඳහන් කර තිබුණි.

එසේ ඔවුන් සඳහන් කරන්නේ නුවනිඳු ප්‍රනාන්දු ආබාධයකට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් ඔහු සංචිතයට ඇතුලත් නොවන බවත් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button