Cricket NewsEXCLUSIVE

ඩිල්ශාන් මදුශංක ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ දකුණු අප්‍රිකානු A කණ්ඩායම ලකුණු 175 කට සීමා වෙයි !

දකුණු අප්‍රිකාණු A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන නිල නොවන එක්දින තරඟය මේ වන විට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරඟයේ කාසිය වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක Tony De Zorzi මුලින්ම පන්දුවට පහරදෙන්නට තීරණය කල අතර ඒ අනුව මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු A කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 175 ක් පමණයි.

දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු කඩුලු හතරට හිමිකම් කියන්නට ඩිල්ශාන් මදුශංක සමත් වද්දී ජනිත් ලියනගේ හා සහන් ආරච්චිගේ අතර කඩුලු දෙක බැගින් බෙදී ගියේය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Gerald Coetzee ලකුණු 77 ක් හා Tristan Stubbs ලකුණු 59 ක් රැස් කිරීමට සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button