Cricket NewsEXCLUSIVE

මහේල ජයවර්ධන මහතාගේ සේවය 2023 ජනවාරි 01 සිට තවත් වසරක කාලයක් දක්වා දිගු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරයි.!

ශ්‍රි ලංකා හිටපු නායක සහ වර්තමානයේ දක්ෂ පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණඩායමේ පුහුණු උපදේශක වරයකු ලෙස පසුගිය 2021 ලෝක කුසලාන තරඟාවලියේ සිට කටයුතු කරනු ලබනවා.

පසුගිය වසර පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායමේ නැවත නැගිටීම පිටුපස සිටි ප්‍රධාන පුද්ගලයකු වූ මහේල ජයවර්ධන මහතාගේ සේවය 2023 ජනවාරි 01 සිට තවත් වසරක කාලයක් ලබා ගැනීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ඒ අනුව දසුන් ප්‍රමුඛ යොවුන් සිංහ කණ්ඩායමට මහේලගේ සේවය මෙම වසරේදීත් හිමි වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button