EXCLUSIVELegends Story

ශතකයකින් ජාත්‍යන්තර ගමන ඇරඹූ ලාංකේය ටෙස්ට් ක්‍රිකට් සලකුණ – තිලාන් සමරවීර

ශ්‍රී ලාංකේය ටෙස්ට් ක්‍රිකට් වංශකතාව තුල එක්තරා ස්වර්ණමය පරිච්ඡේදයක උරුමකරුවකු වන තිලාන් සමරවීර යනු දකුණතින් පිත්ත හසුරවන සුහුරු මැදපෙල පිතිකරුවෙකි.ක්‍රීඩාංගණ ප්‍රේක්ෂකාගාර පිරී යන්නට ක්‍රීඩා ලෝලීන් ඇඳ බැඳ නොගත් නමුත් ටෙස්ට් පිටියේ තිලාන් යනු සම්මතයකි.

කෝල්ට්ස් එස්එස්සී වැනි දේශීය ක්‍රීඩා සමාජ වලින් පන්නර ලැබූ තිලාන් සමරවීරගේ ටෙස්ට් ක්‍රිකට් ගමන ඇරඹෙන්නේ මංගලට තරඟයේදීම ඉන්දීය කණ්ඩායම ඉනිමකින් පරාජය කල ශ්‍රී ලංකා කණ්ඩායමේ කොටස් කරුවෙකු වෙමිනි.

මංගල තරඟයේම ශතකයක් ලබාගත් තිලාන් ඉන්දීය කණ්ඩායමට එරෙහිව 2001 වසරේදී SSC පිටියේදී නොදැවුණු ලකුණු 103 ක් රැස් කරන්නේ එවකට ශ්‍රී ලංකා කණ්ඩායම සතුවූ හොඳම මැදපෙල පිතිකරුවා වූ හශාන් තිලකරත්න සමඟින් එක්වෙමිනි.

මංගල ටෙස්ට් තරඟයේදීම තමා ක්‍රිකට් ක්‍රීඩාවේ දීර්ඝතම ආකෘතියෙහි අතිශය සාර්ථක අනාගතකයකට හිමිකම් කියන බව ඔහු පෙන්නුම් කලේය.පිටිය සිසාරා විචිත්‍රවත් පහර එල්ල කිරීමේ හැකියාව සහිත තාක්ෂණයෙන් පිරිපුන් පිතිකරණ ශෛලිය මෙන්ම ඔහු සතු වූ ඉවසීම සහ ස්ථීරභාවය ඔහුගේ සාර්ථකත්වයට අත්වැල් සැපයූ බව නොරහසක්.

ඔහුගේ පිතිකරණය ගොඩනැගී ඇත්තේ ඔරොත්තු දීමේ හැකියාව,අධිෂ්ඨානය සහ දැඩි දෘඪතාව යන කරුණු වටා බව එවකට විචාරක මතය වූවා.ශ්‍රී ලංකා ක්‍රිකට් හි අසීරුතම අවස්ථාවන් හිදී තිලාන් දැක්වූ දස්කම් ඒ බව මනාවට පෙන්නුම් කලේය.

අරවින්ද ද සිල්වා සහ හෂාන් තිලකරත්නගේ විශ්‍රාම ගැනීම් හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ මැදපෙල සවිමත් කිරීමේ වගකීම කාලයත් සමඟින් තිලාන්ට පැවරුණි. 2003 වසරේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව තම තුන් වන ශතකය රැස් කල ඔහු පන්දු 406 ක් පුරාවට කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 142 ක් රැස් කරන්නට වූවා.

ටෙස්ට් පිටිය තුල ඔහු දැඩි ඉවසීමක් ප්‍රගුණ කල ක්‍රීඩකයෙක් බව ඔහු දිගින් දිගටම පෙන්නුම් කරමින් සිටියා. ප්‍රහාරක වේගය 35-40 අතර රඳවාගනිමින් ඔහු දියත් කල විශාල ඉනිම් බොහොමයක් අවසන් වූයේ දුවද්දී දැවීයාමෙනි.එය ඔහුගේ වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩාව තුල සුලභ දසුනක් විය.

මව් බිමෙන් පිටතදී ඔහු තම පළමු ශතකය රැස් කලේ 2004 වසරේදී පකිස්තානු කණ්ඩායමට එරෙහිවයි.උප මහද්වීපයන්ගෙන් පිටත තම පළමු සංචාරයේදී අර්ධශතක දෙකක් ඔහු තම ඉදිරියේ සටහන් කරගත්තේ නවසීලන්තයට එරෙහිව තරඟ දෙකකදී ඉනිම් තුනකට ක්‍රීඩා කරමින්.

2006 වසරේදී තිලාන් හට පෙර මෙන් දස්කම් අතරට පිවිසෙන්නට නොහැකි වීම හේතුවෙන් ඔහුව ජාතික කණ්ඩායමෙන් ඉවත් කෙරුණි. නමුත් ඔහු මාස ​​18කට පසුව නැවතත් ආක්‍රමණශීලී මෙන්ම දක්‍ෂ පිතිකරණ රටාවට යලිත් අවතීර්ණ වූ අතර ක්වීන්ස් පාක් හිදී කොදෙව්වන්ට එරෙහිවත් එම ඉනිමට පසු තරඟයේදී ඉන්දියාවට එරෙහිවත් ශතක රැස් කරගන්නට ඔහු සමත් වූ අතර එය ඔහුගේ නැවත පැමිණීම මුවහත් තැබීය.

2009 මාර්තු මාසයේදී ලාහෝර් හි ත්‍රස්ත ප්‍රහාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් ගත් බස් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ විට ඔහුගේ වම් කලවා ප්‍රදේශයට එල්ල වූ වෙඩි උණ්ඩයක් අඟල් 12ක් පසාරු කරගෙන ගොස් තිබුණි.

එම ප්‍රහාරය සිදුවූ තරඟාවලිය තිලාන්ගේ දස්කම් හිනිපෙත්තෙහිම තිබුණු තරඟාවලියට වූවාට සැකයක් නැත.ද්විත්ව ශතක දෙකක් සමඟින් එහිදී ඔහු ලකුණු 469 ක් රැස් කරගන්නට සමත් විය. ප්‍රහාරයෙන් පසු ශල්‍යකර්මයක් සඳහා ඔහු මුහුණ දුන් අතර සමරවීර ජූලි මාසයේදී යලිත් පිටියට පිවිසියේය. තම 53 වන හා 54 වන ටෙස්ට් තරඟ වලදී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ශතක දෙකක් රැස් කල ඔහුට යලිත් කණ්ඩායම තුල ස්ථාවර වන්නට එයින් විශාල අස්වැසිල්ලක් සැලසුණි.

සිය මව්බිම තුලත් ආසියානු උපමහද්වීප තත්වයන් යටතේදීත් ඔහු නිරන්තරයෙන් ලකුණු අතරට පිවිසියේය.නමුත් ආසියානු උපමහාද්වීපයෙන් පිටත ඔහුගේ සාර්ථකත්වයේ අඩුව විශාල ප්‍රශ්නාර්ථයක් විය.

ඔස්ට්‍රේලියාව තුලදී ඔහුගේ පිතිකරණ සාමාණ්‍ය අගය 17 ක්,එංගලන්තය හා වේල්සයේදී 27 ක්,ඉන්යාවේදී එය 24 ක අගයක් ලෙසත් සටහන් වූවා නමුත් ශ්‍රී ලංකාවේදී ඇතුලු සෙසු ආසියාතික රටවල් තුලදී ඔහුගේ සමාන්‍ය ලකුණු 50 ඉක්මවූවා.ඔස්ට්‍රේලියාවේදී ඔහු ලැබූ අසාර්ථකත්වය ඔහුගේ වෘත්තිමය ක්‍රිකට් ක්‍රීඩාවේ අවසානයද තීරණය කරන්නට තරම් ප්‍රභල සාධයක් විය.

2011 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව තම මව්බිමේ දී ඔහුට ඉතා අවාසනාවන්ත තරඟාවලියක් නිමා කරන්නට විය.තරඟ දෙකකදී ලකුණු 86 ක් පමණක් රැස් කල ඔහු පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ටෙස්ට් තරඟාවලිය සඳහා නම් කල ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කරන ලදී,

නමුත් එම තරඟාවලියේ පරාජය වීම හේතුවෙන් ඔහුව දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ආපසු කැඳවීමට තේරීම් කමිටුවට සිදු විය.කණ්ඩායමේ නම් දැරූ ක්‍රීඩකයින් දකුණු අප්‍රිකාණු වේගපන්දු යවනන්ට පහර දීමට අපොහොසත් වද්දී යලිත් සාර්ථක වූ ඔහු ශතක දෙකකින් සියල්ලටම පිළිතුරු දුන්නේය.ඩර්බන්හිදී ඔහු රැස් කල ශතකය දේදුණු දේශයේදී ශ්‍රී ලංකාව ලබාගත් පළමු ජයග්‍රහණය ලබා සඳහා මග පෙන්වීය.

2012 දී ඔහු තරමක් සාර්ථක වූවද වසර දෙකකදී ඔහුට රැස් කිරීමට හැකිවූයේ අර්ධ ශතක දෙකක් පමණයි.ඔහුගේ අවසන් ටෙස්ට් තරඟාවලිය වූ 2012-13 ඔස්ට්‍රේලියානු තරඟාවලියේදී වඩාත්ම කැපී පෙනෙන පිතිකරු අසාර්ථකත්වය සමරවීර විය.

එහිදී ඉනිම් 6 දීම ඔහුට ලකුණු 15 සීමාව පසුකරන්නට හැකිවූයේ එක් අවස්ථාවකදී පමණක් විය.මෙම වසර තුලදී ඔහුගේ සාමාන්‍ය ලකුණු 6 ක් ලෙස සටහන් වීම ඔහුගේ කඩාවැඩීම පෙන්නුම් කරන ප්‍රභලතම සාධකය වනවා.ඒ හෙතුවෙන් ඔහුගේ ටෙස්ට් සාමාන්‍ය 48 ක් දක්වා පහත වැටුණි. එසේ නොවුණි නම් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් පිතිකරණ සාමාන්‍ය 50 ඉක්මවූ දෙවන ක්‍රීඩකයා වන්නටද ඔහුට හැකියාව තිබුණි.

එම අසාර්ථකත්වය ඔහුගේ ක්‍රිකට් දිවියේ ඉදිරි ගමන තීරණය කල බව අවිවාධයෙන්ම පිලිගත යුතු වන අතර ඉන් පසුව දේශීය තරග වාරයේ දී ඕනෑතරම් ලකුණු රැස් කළ ද, බංග්ලාදේශයට එරෙහිව තම මව්බිමේ පැවැති ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයේ ඔහුට ස්ථානයක් හිමි නොවීය. මාස කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවට අර්ථවත් ටෙස්ට් ක්‍රිකට් සැලසුකමක් නොතිබීමත් සමඟ සමරවීර 2013 මාර්තු මාසයේදී සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් ආකෘතීන් වලින් සමුගන්නා බව නිවේද

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button