Cricket NewsEXCLUSIVEMatch Review

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ සහභාගි වූ පළමු තරඟයේදිම ස්කොට්ලන්තය හමුවේ ලකුණු 42කක පරාජයක් ලබයි.!

වසරේ දැවැන්තම ක්‍රිකට් සැණකෙළිය පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටය ඊයේ ආරම්භ වූවා.

එම තරඟ වටයේ තෙවන තරඟය ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 42කක විශිෂ්ට ජයක් වාර්තා කරමින් අමතක නොවන ජයග්‍රහණයක් වාර්තා කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම අද සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ස්කොට්ලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 160ක් රැස් කිරීමට සමත් වුණා.

ස්කොට්ලන්ත වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ George Munsey පන්දු 53කදී ලකුණු 66ක් වාර්තා කිරීමට සමත් වුනා.

Calum MacLeod ලකුණු 23ක් රැස් කළ අතර Michael Jones ලකුණු 20ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Jason Holder සහ Alzarri Joseph කඩුලු දෙක බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 161ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන්ට පන්දුවාර 18.3ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 118ක් පමණයි

බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Jason Holder පන්දු 33ක් තුල ලකුණු 38ක් රැස් කල අතර Kyle Mayers ලකුණු 20ක් රැස් කළා.

පන්දු යැවීමේදී Mark Watt කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button