Cricket NewsEXCLUSIVE

“තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර විස්සයි-20 ලෝක කුසලානයේත් අඳුරු අශ්වයන් බවට පත් වේවි..මේ කරුණු 5 ඔවුන්ගේ ශක්තියයි” – ඉන්දීය ක්‍රීඩා වෙබ් අඩවියක් ශ්‍රී ලංකාවේ විශිෂ්ටත්වයට හේතු වාර්තා කරයි.!

ඉතා උණුසුම් මුහුණුවරක් ගත් මෙවර ආසියානු කුසලාන තරගාවලිය කිසිවකු නොසිතූ ලෙස පෙරළිකාර ජයග්‍රහණ රැල්ලකට මුල පිරෑ දසුන් ශානක ප්‍රමුඛ යොවුන් සිංහ කණ්ඩායම 6 වන වරටත් ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිකර දීමට සමත් වුණා.

මෙවර තරඟාවලිය ආරම්භ වීමට පෙර සිටම ජාත්‍යන්තර මාධ්‍ය ශ්‍රී ලංකාවක් හඳුන්වනු ලැබුවේ මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ අඳුරු අශ්වයන් ශ්‍රී ලංකා වනු ඇති බවයි.

එය මනාව සනාථ කළ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් විචාරකයින් පවා පුදුම කරමින් 6වන ආසියානු කුසලාන දිනා ගැනීමට සමත් වූයේ ආසියානු කලාපීය ප්‍රබල රටවල් සියල්ලම පරාජය කරමිනි.

මේ අතර ඉන්දියාවේ ජනප්‍රිය ක්‍රීඩා වෙබ් අඩවියක් CricTracker වෙබ් අඩවිය විසින් 2022 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ දීද ශ්‍රී ලංකා කණ්ඩායම පෙරළිකාර කණ්ඩායමක් ඇති බවත් එයට හේතු 5කුත් ඔවුන් සඳහන් කර තිබෙනවා.

ඒවා පිළිවෙලින්,

ශ්‍රී ලංකාව 2022 ලෝක ශූරයන් වීමට ප්‍රධාන සුදුසුකම් 5ක්

1. විශිෂ්ට දග පන්දු යවන්නන්

වනිදු සහ මහීෂ් ඉතාමත් හොදින් දක්ශතා අතර ඇත. ඔස්ට්‍රේලියාවේ පවතින ග්‍රවුන්ඩ් තරමක් විශාල බැවින් මොවුන්ගේ දගපන්දු යවන්න්න පහරවල් ගැසීමට තරමක් අපහසු වනු ඇත.

2. විශිෂ්ට නායකත්වය – දසුන් ශානක 

නවක ක්‍රිඩකයන් දිරිගන්වමින් ඉතාමත් විශිෂ්ට නායකත්වයක් දසුන් මෙම වසර දෙකේ පෙන්වා ඇත. ඒ වගේම ඔහුගේ තුන් ඉරියව් දස්කම් කණ්ඩායමට විශාල වාසියක්

3. කණ්ඩායම් එකමුතුකම

ඔහුන් එකදිගටම ඉතාමත් එකමුතුකම සහිත කණ්ඩායමක් බවට පෙන්වා ඇත. එය ඔහුන්ගේ ප්‍රධානම ශක්තිය බවට පෙන්වා ඇත. .

4. පිතිකරණ සැලස්ම

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පීතිකරුවන් ලෙස ක්‍රිඩා කල හැකි තුන් ඉරියව් ක්‍රිඩකයන් හතරක් සිටින නිසා කණ්ඩයමේ පීතිකරණ හැකියාව ඉහල ගොස් ඇත. අනිත් පැත්තෙන් පන්දු යැවීමටද ඕනා තරම් උපක්‍රම ඇත.

5. ආරම්භක පීතිකරුවන්

කුසල් සහ පැතුම් දගපන්දු සහ වේගපන්දු යවන ඔනිම කෙනෙක්ට පහර දීමට හැකියාව ඇති ක්‍රිඩකයන් දෙදෙනෙක්. ඔහුන් දෙදෙනා විශිෂ්ට ලෙස දක්ශතා දක්වමින් ඇත. ඔවුන් මේ බව ආසියානු කුසලානයේ දී පෙන්වා දුන්නා.

– Madushan Raj තැබූ සටහනක් ඇසුරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button