Cricket NewsEXCLUSIVE

“තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ආසියානු කුසලානයේ අඳුරු අශ්වයන් බවට පත් වේවි.. චරිත්, වනිඳු, චාමික මේ ක්‍රීඩකයන් ගැන අන් රටවල් දැඩි අවධානයකින් පසුවිය යුතුමයි” – ඉන්දීය ක්‍රීඩා වෙබ් අඩවියක් වාර්තා කරයි.!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යොවුන් ක්‍රීඩකයන් රැසක් සමගින් මෑත කාලීනව දැක්වූ දස්කම් සැලකිල්ලට ගනිමින් මෙවර ආසියානු කුසලාන තරගාවලියේ අඳුරු අශ්වයන් බවට ශ්‍රී ලංකා කණ්ඩායම පත්වීමට වැඩි ඉඩකඩක් තිබෙන බව ඉන්දියාවේ ප්‍රමුඛතම ක්‍රීඩා වෙබ් අඩවියක් වන SportsKeeda වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා. මේ ඔවුන් තැබූ සටහනයි,

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කුමාර් සංගක්කාරගේ සහ මහේල ජයවර්ධනගේ යුගයෙන් පසු යළි ගොඩනැංවීමට බොහෝ කාලයක් ගත වුවත් අවසානයේ එය අති සාර්ථක වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.

පසුගිය වසරක පමණ කාලය තුළ, වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර වැනි ක්‍රීඩකයින් ක්‍රිකට් ලෝකයේ ප්‍රසිද්ධ නාමයන් බවට පත්වෙමින් යොවුන් ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට නව අනන්‍යතාවයක් සහ ක්‍රීඩා විලාසයක් තිබෙන බව පෙන්වා දෙමින් තිබේ.

ශ්‍රී ලංකාව පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ICC පිරිමි T20 ලෝක කුසලාන තරඟාවලියේදී කණ්ඩායම් අදියරේ තරඟ පහෙන් 2කක් පමණක් ජයග්‍රහණය කළද, තමන් නැවත පෙරටත් වඩා ශක්තිමත්ව නැගී සිටින බව ක්‍රිකට් ලෝකයටම හඬ ගා කිව්වේ අනෙක් සියලුම කණ්ඩායම් වල ද කරට කර සටනක් දෙමිනි. ඕස්ට්‍රේලියාවට එරෙහිව විශිෂ්ට විස්සයි-20 සහ එක්දින තරඟාවලියක් ඇතුළුව, ඔවුන්ගේ මෑතකාලීන දස්කම් සියලු ආකාරවලින් ශක්තිමත් විය.

එළඹෙන ආසියානු කුසලාන තරඟාවලියේදී ඉන්දියාව සහ පකිස්ථානය කෙරෙහි නිසැක අවධානය යොමු වන නමුත් තරඟාවලියේ අඳුරු අශ්වයා ලෙස ශ්‍රී ලංකාව මතුවිය හැකිය. එම සටහන මත, අවධානය යොමු කළ යුතු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු දෙස බලමු.

#03 – චාමික කරුණාරත්න

ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව ගැන හොඳ වාර්තාවක් ලබා දීමට බලාපොරොත්තු වන බැවින් පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ශ්‍රී ලංකාවට ප්‍රධාන චරිතයක් විය යුතුය. ඔහු වේගපන්දු යවන්නෙකු වන අතර අවශ්‍යම වේලාවට කඩුලු දවා ගැනීමේ දක්ෂතාවක් ඇති වේගපන්දු යවන්නෙකුද වනවා. ඔහු පිත්තෙන් ද දස්කම් දක්වන අතර පිරිසිදු ප්‍රහාරකයෙකි. ඔහු වේග පන්දු යවන්නන්ට එරෙහිව පහසුවෙන් පන්දුවට පහර දෙන අතර pinch-hitter ලෙස භාවිතා කළ හැකිය.

ඔහුව බොහෝ විට කැපී පෙනෙන්නේ නැතත්, චාමික ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙකි. ඔහු ශ්‍රී ලංකාවේ පිටියට පිවිසෙන ක්‍රීඩකයන් 11න් එක් ක්‍රීඩකයකු බව නිසැකයි.

#02 වනිඳු හසරංග

මේ නම නම් ඔබට අමුත්තක් දැනෙන්න විදිහක් නැහැ. වනිඳු හසරංග ජාත්‍යන්තර තලයේ සහ IPL තරඟාවලි දෙකෙහිම ඔහුගේ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකවේ නව ක්‍රිකට් යුගයේ වඩාත් ප්‍රසිද්ධම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බව අවිවාදිතය. ඔහු පසුගිය වසරේ විස්සයි-20 ලෝක කුසලානයේ දී ලංකා ක්‍රීඩකයින්ගේ හොඳ දස්කම් දැක්වීමට ප්‍රධාන වූ අතර IPL 2022 හි RCB හි ප්‍රධාන දඟ පන්දු යවන්නා ලෙස විශිෂ්ට දස්කම් දැක්විය.

ආසියානු කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීම හේතුවෙන් දඟ පන්දු යැවීමට හිතකර සාපේක්ෂ මන්දගාමී තණතීරු ලැබෙන අතර වනිඳු හසරංග එහිදී ප්‍රතිවාදී පිතිකරුවන්ට දැඩි හිසරදයක් වනු ඇත. විස්සයි-20 ක්‍රිකට් වල ඔහුගේ දත්ත හුදෙක් විශ්මය ජනක ය, ඔහු තරඟ 38 කදී කඩුලු 62 ක් ලබා ගත්තේ 6.61 ක Economy Rate එකක් රඳවා ගනිමිනි. ඔහු ඉතා දක්‍ෂ පිතිකරුවෙක් වන අතර, අයර්ලන්තයට එරෙහිව දැඩි පීඩනයක් තුල ලකුණු 71ක් රැස් කිරීම හොඳ උදාහරණයකි.

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය හසරංගගේ දස්කම් වටා කරකැවීමට ඉතා ඉහල හැකියාවක් තිබේ.

#01 චරිත් අසලංක

2022 ආසියානු කුසලානයේදී චරිත් අසලංක යනු අන් කණ්ඩායම් අනිවාර්යෙන්ම අවධානයෙන් සිටිය යුතු ක්‍රීඩකයෙකුය.

චරිත් අසලංක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වඩාත්ම බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවෙකු වන අතර ආසියානු කුසලාන තරඟාවලියේදී අවධානයෙන් සිටිය යුතු පිතිකරුවෙකි. මෙම වමතින් පිත්ත හසුරුවන පිතිකරුවා පස්ගිය විස්සයි-20 ලෝක කුසලානය නිමා කළේ ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු ලාභියා ලෙසින් ලකුණු 231ක් ලබා ගනිමින්, සාමාන්‍ය 46.20ක් සහ ප්‍රහාරාත්මක වේගය147.13ක් ලෙස රඳවා ගනිමිනි.

නම්‍යශීලී සහ බහුකාර්‍ය පිතිකරුවෙකු වන චරිත් දඟ පන්දු යැවීමටද හැකි තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව මෑතකදී අවසන් වූ සීමිත පන්දුවාර තරඟාවලියේදී විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ අතර මෙම තරඟාවලියේ දීද ඔහු විශ්මය දනවන පිතිකරුවකු බවට පත් වනු ඇත.

අසලංක ශ්‍රී ලංකා පිතිකරණ අනුපිළිවෙලෙහි අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරන අතර තශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රීඩකයෙකු ද වනු ඇත. ඔහු නිසැක වශයෙන්ම අවධානයෙන් සිටිය යුතු අයෙකි.

– SportsKeeda වෙබ් අඩවිය තැබූ සටහනක් ඇසුරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button