Cricket NewsEXCLUSIVE

ආසියානු කුසාලානයේ ප්‍රවේශ පත් අද සිට මිලදී ගැනීමට නිකුත් කෙරේ-ඉන්දු පකිස්ථානු තරඟයේ අවම ප්‍රවේශපත්‍ර මිල රුපියල් 9000 ඉක්මවයි !

2023 ආසියානු කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය දරන පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරඟ සඳහා තරඟ ප්‍රවේශපත්‍ර අලෙවියට ප්‍රකාශ කිරීම අද සිදු කිරීමට නියමිතයි.පළමු අදියර සඳහා ප්‍රවේශපත්‍ර අගෝස්තු 17 වැනි දින පස්වරු 12.30 (දහවල්)සිට අලෙවි කෙරේ.

ප්‍රවේශපත්‍ර pcb.bookme.pk වෙතින් ලබා ගත හැකි වනු ඇත මෙම නිවේදනය ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) සහ පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ (PCB) නිල සමාජ මාධ්‍ය නාලිකා හරහා සිදු කෙරේ.

ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරඟ සඳහා ප්‍රවේශපත්‍ර අලෙවියේ දෙවන අදියර අගෝස්තු 17 වැනි දින රාත්‍රී 7.00 ට ට ආරම්භ වේ. ප්‍රවේශපත්‍ර අලෙවියේ මෙම දෙවන අදියරට සැප්තැම්බර් 2 වැනිදා පාකිස්තානය සහ ඉන්දියාව අතර බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි තරගයද ඇතුළත් වේ.

අවසන් මහා තරගය ඇතුළුව තරග 9ක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම අගෝස්තු 31 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශය සමඟින් තරග වැදීමෙන් ආරම්භ වේ.

පසුගිය සතියේ පකිස්ථානයේ පැවැත්වෙන ආසියානු කුසලාන තරඟ සඳහා ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමට කටයුතු කළා. තරගාවලිය අගෝස්තු 30 වැනිදා සත්කාරක පාකිස්තානය නේපාලය සමඟින් මුල්තාන්හිදී ආරම්භ වේ.

රසිකයින්ට සටහන

එක් හැඳුනුම්පතකින් / ගමන් බලපත්‍රයකින් ප්‍රවේශපත්‍ර හතරක් දක්වා මිලදී ගත හැක.
පකිස්ථානය Vs ඉන්දියාව සඳහා එක් හැඳුනුම්පතකින් / ගමන් බලපත්‍රයකින් ප්‍රවේශපත්‍ර 2ක් දක්වා මිලදී ගත හැක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button