Cricket NewsEXCLUSIVE

පිත්තෙන්, පන්දුවෙන් සහ පන්දු රැකීම යන තුන් ඉරියව්වෙන්ම විශිෂ්ට දස්කම් දක්වමින් පිට පිටම දෙවන වරටත් ලෙජන්ඩ්ස් ලෝක ශුරතාවලියේ තරඟයේ වීරයා වූ TM ඩිල්ෂාන්.!

ඊයේ Road safety world series තරඟාවලිය නිමාව දුටුවේ සත්කාරක ඉන්දීය කණ්ඩායමට තෙවනවරටත් ශූරථාවයක පහස විඳින්නට ඉඩ සලසා දෙමින්.ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් හට ඉන්දු-ශ්‍රී ලංකා අවසන් මහා තරඟ ඉතිහාසයේ වේදනාත්මක මතකාවර්ජනයක් සිදු කරමින් ඉන්දීය කණ්ඩායම හමුවේ ලකුණු 33 ක පරාජයකට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන්නේය.

යලිත් වරක් අනුශූරයින් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ශාන්ගේ විශිෂ්ඨ තුන් ඉරියව් දක්ෂතා තරඟාවලියේ වීරයා ලෙසින් ඔහුව නම් කිරීමට හේතු වූවා.පසුගිය තරඟාවලියේ මෙන්ම මෙවරද ඩිල්ශාන් තරඟාවලියේ වීරයා වීම විශේෂත්වයක්.

කාන්පූර් හිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඩිල්ශාන්ගේ පිත්තෙන් වාර්ථා වූ ශතකයද සමඟින් සමස්ත තරඟාවලියේදී ඔහු රැස් කල ලකුණු සංඛ්‍යාව 192 ක්.පිතිකරුවෙකු ලෙසින් අයිසීසී ඉසව් හි අවසන් මහා තරඟ තුල ඩිල්ශාන් පිතිකරුවෙකු ලෙසින් අසාර්ථක නමුත් ඉතිහාසය පුරාවට කණ්ඩායම වෙනුවෙන් ඔහු දැමූ අඩිතාලම ඉමහත් බව මෙවර RSWS තරඟාවලියේදීද ඔහු පෙන්නුම් කලේය.

පන්දුවෙන් කඩුලු 5 ක් තම කඩුලු මල්ලට දමාගන්නට ඩිල්ශාන් එහිදී සමත් විය.අවසන් මහා තරඟය පරාජය වූ නමුත් තරඟාවලියේ එකම අපරාජිත කණ්ඩායම වූයේද ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7