Cricket NewsEXCLUSIVE

LPL හි දැක්වූ සුපිරි දස්කම් නිසා මෙවර IPL කොන්ත්‍රාත්තු ලබා ගත හැකි ක්‍රීඩකයින් 5 දෙනෙකු ඉන්දීය මාධ්‍ය නම් කරයි.!

ශ්‍රී ලාංකේය සුපිරි ක්‍රිකට් සැණකෙලිය ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලිය පසුගියදා නිමාව දුටුවේ අඛණ්ඩව දෙවන වරටත් Jaffna Kings කණ්ඩායමට ශූරතාවය හිමි කර දෙමිනි.

Galle Gladiators කණ්ඩායම මෙවරත් පසුගිය වසරේ මෙන්ම අනුශූරයන් බවට පත්වුණා.

මෙවර තරඟාවලිය පසුගිය දෙසැම්බර් ග 5 වන දා ආරම්භ වූ අතර එදින පටන් දෙසැම්බර් 23 වන දා පැවති අවසන් මහා තරඟය තෙක් ලොව පුරා දැඩි රසික ආකර්ෂණයක් සහිතව උත්කර්ෂවත් අයුරින් පැවැත්වුනා.

මේ අතර ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය විසින් මෙවර LPL තරගාවලියේ සුපිරි දස්කම් දැක්වීම නිසා මෙවර IPL තරගාවලිය නියෝජනය කිරීමට කොන්ත්‍රාත්තු ලැබිය හැකි යැයි අනුමාන කරන ක්‍රීඩකයින් පස් දෙනකුව නම් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය විසින් නම් කරන ලද එම ක්‍රීඩකයන් පස් දෙනා පහතින්,

01 – අවිශ්ක ප්‍රනාන්දු

මෙවර LPL තරඟාවලියේ වීරයා සහ අවසන් මහා තරඟයේ වීරයා යන සම්මාන ද්විත්වයම හිමි කරගත් අතර තරඟාවලියේ වාර්තා වූ එකම ශතකයටද හිමිකම් කියනු ලබන්නේ අවිශ්ක ප්‍රනාන්දුය.

අවිශ්ක සතුව ශක්තිමත් පිතිකරණ සාමාන්‍යයක් (34.66ක්) වූ අතර ඔහුගේ ප්‍රහාරක වේගය ද 150ට වඩා වැඩි විය.

02 – වනිදු හසරංග

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය පුරාවටත් ඔහුගේ ඉහළම දස්කම් දිගටම පවත්වා ගැනීමට සමත් වූ අතර අතර යාපනය කිංග්ස් ජයග්‍රහණය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. හසරංග කණ්ඩායම වෙනුවෙන් තරග 10කදී කඩුලු 11ක් දවා ගැනීමට සමත් විය.

ඔහු 185.41 පහර වේගයකින් ලකුණු 89ක් ද රැස් කළ අතර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් මෙම වසර මුලදී IPL හි ක්‍රීඩා කල හසරංග IPL 2022 වෙන්දේසියේදී විශාල කොන්ත්‍රාත්තුවකට අලෙවි වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

03 – Phil Salt

Phil Salt ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරඟාවලියේ සාර්ථකම විදේශීය පිතිකරුවාය. එංගලන්ත කඩුලු රකින පිතිකරුවකු වන Phil Salt දඹුල්ල ජයන්ට්ස් වෙනුවෙන් ඉනිම් 10කදී ලකුණු 301ක් රැස් කිරීමට සමත් විය.

මේ වසරේ සීමිත පන්දු වාර පිටියේ විශිෂ්ට දස්කම් දැක්වීමට ඔහු සමත් විය. ඔහුට ඔහුගේ පළමු IPL කොන්ත්‍රාත්තුව 2022 වසරේදී ලබා ගැනීමට හැකි වනු ඇත.

04 – මහිෂ් තීක්ෂණ

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ශූරයන් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා වූයේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණයි. මෙම යොවුන් ක්‍රීඩකයා පන්දු වාර 10කදී කඩුලු 16ක් දවා ගත්තේ ඕවරයකට ලකුණු 7කට වඩා අඩු සාමන්‍යකිනි.

ඔහු 2022 දී ඔහුගේ පළමු IPL කොන්ත්‍රාත්තුව ලබා ගනීද යන්න බැලීම සිත්ගන්නා කරුණකි.

05 – Jayden Seales

කැරිබියන් වේග පන්දු යවන ක්‍රීඩක ජේඩන් සීල්ස් මේ වසරේ ජැෆ්නා කිංග්ස් වෙනුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට පිවිසි අතර ඉනිම 6කදී කඩුලු 15ක් දවා ගැනීමට ඔහු සමත් විය. ඔහු සහබාගි වූ සෑම තර්න්ගයකම පාහේ ඔහු කඩුලු දවා ගත්තේය.

ඉන්දීය ක්‍රීඩා වෙබ් අඩවියක්ව වන SportsKeeda තැබූ සටහනක් ඇසුරිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button