Cricket GossipCricket NewsEXCLUSIVEIPLPremier League

අධ්‍යා­ප­නය සම්පූර්ණ කිරීම ක්‍රීඩ­ක­යකු කළ යුතුයි. වයස අවු­රුදු 60 දක්වා අපිට ක්‍රිකට් සෙල්ලම් කරන්න බෑ – ඉන්දියානු ක්‍රීඩක අයියර් දොසතර විභාගයට සැරසේ

ක්‍රිකට් ලෝකයේ අධ්‍යා­ප­න­යට මෙන්ම ක්‍රීඩා­ව­ටත් දස්කම් දක්වන ක්‍රීඩ­ක­යින් සිටින්නේ ඉතා ස්වල්ප දෙනෙකි. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක වෙන්ක­ටේෂ් අයි­යර් ඒ ස්වල්ප දෙනා අතු­රින් එක් අයෙකු වේ. ඉන්දීය ප්‍රිමි­යර් ලීග් ඉති­හා­සයේ සිවු­වැනි මිල අධි­කම ක්‍රීඩ­කයා ලෙස ඉන්දීය රුපි­යල් කෝටි 23.75කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 81.19ක්) කොල්කටා නයිට් රයි­ඩර්ස් පිල මිලට ගත් වෙන්ක­ටේෂ් අයි­යර් ව්‍යාපාර පරි­පා­ලන උපා­ධිය සම්පූර්ණ කොට දැන් මූල්‍ය කට­යුතු පිළි­බඳ ආචාර්ය උපා­ධිය හදා­ර­මින් සිටින බව ඉන්දි­යන් එක්ස්ප්‍රස් පුව­ත්පත ඊයේ අනා­ව­ර­ණය කළේය.

වෙන්ක­ටේෂ් අයි­යර් ඉන්දි­යන් එක්ස්ප්‍රස් වෙත ලබා දුන් සම්මුඛ සාක­ච්ඡා­ව­කදී කියා සිටියේ ක්‍රීඩාව සමඟ අධ්‍යා­ප­න­යත් එකසේ වැද­ගත් වන බවයි.

උසස් අධ්‍යා­ප­නය කඩි­ස­රව කර­ගෙන යන ඔහු ක්‍රීඩාව කිසි­වි­ටෙක අධ්‍යා­පන කට­යු­තු­ව­ලට බාධා­වක් නොවන බව නූතන ලෝක­යට ඉගැන්වූ විශාල පාඩ­මකි. බොහෝ මවු­පි­යන් මෙන්ම ගුරු­ව­රුන්ද දරු­වන් ක්‍රීඩා­වෙන් ඈත් කර අධ්‍යා­පන කට­යුතු සඳහා වැඩි වශ­යෙන් දිරි ගැන්වීමේ සංස්කෘ­තිය වෙනස් කළ යුතු බව වෙන්ක­ටේෂ් අයි­යර් කියා­දුන් ආද­ර්ශය වේ.

“අධ්‍යා­ප­නය සම්පූර්ණ කිරීම ක්‍රීඩ­ක­යකු කළ යුතුයි. වයස අවු­රුදු 60 දක්වා අපිට ක්‍රිකට් සෙල්ලම් කරන්න බෑ. ක්‍රිකට් ක්‍රීඩාව කෙටි කාල­ය­කට පම­ණක් ඇති දෙයක් බව අප තේරුම් ගත යුතුයි. ඉන්පසු ජීවි­තයේ යමක් කිරී­මට අවශ්‍ය නම් අධ්‍යා­ප­නය වැද­ගත් වෙනවා. මට හැම­දාම ක්‍රිකට් ක්‍රීඩාව ගැන හිතන්න ඕන නෑ. මේක පීඩ­නය වැඩි කර­නවා” අයි­යර් පැව­සීය. වයස අවු­රුදු 29ක් වූ වෙන්ක­ටේෂ් අයි­යර් ඉන්දි­යාව වෙනු­වෙන් එක්දින තරග හා විස්සයි20 තරග නියෝ­ජ­නය කළේය.

“මම මධ්‍යම පාන්තික පවු­ල­කින් පැමිණි කෙනෙක්. මම අධ්‍යා­ප­න­යෙන් හොඳ දියු­ණු­වක් ලබ­මින් සිටි­යත් මගේ මවු­පි­යන්ට අවශ්‍ය වුණේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙ­නවා දකි­න්නයි. මට එක­පා­ර­ටම දේවල් දෙකක් කරන්න පුළු­වන් නම්, මම ඒවා කරන්න කැම­තියි. මම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩ­ක­යන්ට ක්‍රිකට් දැනුම විත­රක් නෙවෙයි සාමාන්‍ය දැනු­මත් තියෙන්න ඕනෑ. ඔබට උපා­ධිය හෝ පශ්චාත් උපා­ධිය සම්පූර්ණ කළ හැකි නම්, ඔබ එය අනි­වා­ර්ය­යෙන්ම කළ යුතුයි. ඊළඟ වතාවේ ඔබ සම්මුඛ සාක­ච්ඡාව කරන්න වෙන්නේ Dr. වෙන්ක­ටේෂ් අයි­යර් සමඟ බව මතක තබා­ගන්න” ඉන්දි­යන් එක්ස්ප්‍රස් මාධ්‍ය­වේ­දි­යාට ඔහු පැව­සීය.

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button