Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති ප්‍රථම ටෙස්ට් තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත්වේ – තරඟයේ වීරයා ඇන්ජලෝ මැතිව්ස්.!

The players shake hands after the first Test ended in a draw, Bangladesh vs Sri Lanka, 1st Test, Chattogram, 5th day, May 19, 2022

ලෝක ටෙස්ට් ශුරතාවලියට අනියුක්තව බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය ලෙස පසුගිය 15 චිතගොං හි Zahur Ahmed Chowdhury ක්‍රීඩාංගනයේ දී ආරම්භ වු තරඟයේ අවසන් දිනය වූ අද දිනයේදී ජය පැරදුමකින් තොරව නිමාව දුටුවා.

තරඟයේ 5වන සහ අවසන් දිනය වූ අද දිනය ආරම්භ කරන විට බංග්ලාදේශයට වඩා ලකුණු 68 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම, කඩුලු 2 ක් දැවී ලකුණු 39 ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා නායකයා සහ උප නායකයා අනවශ්‍ය පහර කරා යමින් දැවී ගියද, දිනේෂ් චන්දිමාල් (නොදැවී 39) සහ නිරෝෂන් දික්වැල්ල (නොදැවී 61) එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කඩාවැටී තිබූ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමට නව ජවයක් එක් කිරීමට සමත් වුනා.

එහිදී සුපුරුදු ලෙස හිතුවක්කාර පහර කරා ගිය දික්වැල්ල, දැවී යෑමට ආසන්න අවස්ථා කිහිපයක්ම පසු කළේය.

කෙසේ වුවත් සිය අත්දැකීම් උපයෝගී කරගනිමින් ඉතා සංයමයකින් යුතුව පන්දුවට පහරදුන් චන්දිමාල්, ලකුණු රැස්කිරීම පසෙක තබා තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමේ අරමුණ පෙරදැරිව ආරක්ෂාකාරී ලෙස සිය පිත්ත හැසිරවීය.

Dinesh Chandimal and Niroshan Dickwella had to dig deep to rescue Sri Lanka, Bangladesh vs Sri Lanka, 1st Test, Chattogram, 5th day, May 19, 2022

දීර්ඝ වේලාවක් කඩුල්ලේ රැදෙමින් සිය 28 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කළ දිමුත් කරුණාරත්න, තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ ඉදිරියට පැන ගැසූ පහරකින් ඇදී ගිය පන්දුව උඩ පන්දුවක් බවට පත්කර ගැනීමට ප්‍රතිවාදී කණ්ඩායමේ නායක මොමිනුල් හක් සමත් විය. මොමිනුල්ගේ දක්ෂ උඩ පන්දු රැකීම හමුවේ පිටියෙන් ඉවත්ව යන විට දිමුත්ගේ ඉනිම හතරේ පහර 2 කින් සමන්විත වී තිබිණ.

හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 33 ක් ලබා සිටි ධනංජය ද සිල්වා දැවී ගියේ සකීබ් අල් හසන් යොමුකළ කෙටි පන්දුවට ගැසූ පුල් පහරකින් ඇදී ගිය පන්දුව මිඩ්විකට් කළාපයේ පන්දු රකිමින් සිටි මුෂ්ෆිකුර් රහීම්ගේ දෑත් අතර සිරවීම හේතුවෙනි.

නායකයාගේ සහ උප නායකයාගේ දැවී යෑම්වලින් අනතුරුව ලකුණු 161 කට කඩුලු 6 ක් ලෙස දැක්වුණ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ජය පරාජයකින් තොරව තරඟය නතර කරන විට ලකුණු 260 කට කඩුලු 6 ක් දක්වා ඔසවා තැබීමට චන්දිමාල් සහ දික්වැල්ල සමත් වූහ.

දිනයේ පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 48 කට දැවී ගියේ තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි. තරමක් වේගයෙන් ලකුණු රැස්කළ කුසල්, පන්දු 43 කදී වාර්තා වූ සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සැරසුවේය. දිමුත් සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කුසල් සමත් විය.

පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක් ආසන්නයටම ගිය ඇන්ජලෝ මැතිව්ස් දෙවැනි ඉනිමේදී ලකුණු ලබාගැනීමටත් පෙරාතුවම පිටියෙන් ඉවත් කළ තයිජුල් ඉස්ලාම්, පස්වැනි දිනයේ (19 ) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ලකුණු 128 කට කඩුලු 4 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තරමක් අසීරු තත්ත්වයකට ඇද දැමුවේය.

කෙසේ නමුත් දික්වැල්ලගේ සහ චන්දිමාල්ගේ පිතිකරණය හේතුවෙන් ලැජ්ජා සහගත පරාජයක් වීමට තිබු තර්න්ග්‍ය අජය පරාජයකින් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

Angelo Mathews crossed the 150-mark in Tests for the fourth time, Bangladesh vs Sri Lanka, 1st Test, Chattogram, 2nd day, May 16, 2022

තරඟයේ කෙටි ලකුණු පුවරුව පහතින්,

ශ්‍රී ලංකා පළමු ඉනිම – 397/10 (153)

Angelo Mathews – 199
Dinesh Chandimal – 66
Kusal Mendis – 54
Oshada Fernando – 36
Vishwa Fernando – 17

Nayeem Hasan – 105/6
Shakib Al Hasan – 60/3

බංගලාදේශ පළමු ඉනිම – 465/10 (170.1)

Tamim Iqbal – 133
Mushfiqur Rahim – 105
Litton Das – 88
Mahmudul Hasan Joy – 58

Kasun Rajitha – 60/4
Asitha Fernando – 72/3

ශ්‍රී ලංකා දෙවන ඉනිම – 260/6 (153)

Niroshan Dickwella – 61*
Dimuth Karunaratne – 52
Kusal Mendis – 48
Dinesh Chandimal – 39*

Taijul Islam – 82/4

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7