Cricket NewsEXCLUSIVEIPLPremier League

විරාට් සමග ඇතිවූ ගැටුමෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ නවීන් උල් හක්ට දැඩි විරෝධයක්!

රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායමත් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමත් ඊයේ මුණගැසුනේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දෙවැනි වරටයි.අඩු ලකුණු පුවරුවක් ආරක්ෂා කරගත් බැංග්ලෝර් ක්‍රීඩකයින් හමුවේ ලක්නව් ක්‍රීඩකයින් පසු බසිද්දී විරාට් කෝලි ඇතුලු ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ආවේගශීලී අන්දමින් තම ශරීර භාෂාව හැසිරවීමට පෙළඹීම කාගේත් අවධානය දිනාගත් කරුණක් වූවා.

2013 වසරේදී මෙන්ම මෙවරත් විරාට්-ගාම්භීර් සීතල යුද්ධයකට අර අදිද්දී එය නැවැත්වීම සඳහා ඩු පෙල්සිස් ප්‍රමුඛ බැංග්ලෝර් ඉහළ පෙලේ ක්‍රීඩකයින්ටද මැදිහත් වීමට සිදුවිය.එම සිදුවීමේ ප්‍රථිඵලය වූයේ දෙදෙනාගේම තරඟ ගාස්තුවෙන් සියයට සියයක දඩයක් හිමි වීමයි.

එමෙන්ම ඒ අතරවාරයේදී විරාට් සමඟින් වාග් ප්‍රහාරයකට මැදිවූ ඇෆ්ගනිස්තාන යොවුන් ක්‍රීඩක නවීන් උල් හක් හටද අයිපීඑල් ආචාර ධර්ම කඩ කිරීම නිසා තරඟ ගාස්තුවෙන් සියයට 50 ක දඩයක් නියම විය.

තරඟයෙන් පසු සියල්ල හමාර වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කල නමුත් නවීන් හට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූයේ විශාල විරෝධතාවක්.නවීන් හා ඔහුගේ පවුලටත් ට්විටර්,ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධතාවයක් එල්ල වූ පසු බිමක ඔහු තම නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ comment section වසා දමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
14
+1
5
+1
55
+1
6
+1
5
+1
10

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button