Cricket NewsEXCLUSIVEIPL

දුෂ්මන්ත චමිරගේ Lucknow කණ්ඩායමට එරෙහිව වනිදු හසරංගගේ RCB තරඟ වදින IPL පිටියේ 31වන සංග්‍රාමය අද රාත්‍රියේ..

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 31වන තරගය ලෙස ලෙස දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරන Lucknow Super Giants සමග වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Lucknow Super Giants හි නායකත්වය KL Rahul විසින් දරන අතර Royal Challengers Bangalore හි නායකත්වය Faf du Plessis විසින් දරනවා.

Lucknow Super Giants කණ්ඩායම මෙවර ඔවුන් සහබාගි වූ තරඟ 6න් 4ක් ජයග්‍රහණය කර මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ පසුවන අතර Royal Challengers Bangalore කණ්ඩායම තරඟ 6කට සහබාගි වී ඉන් තරඟය 4ක් ජය ගනිමින් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 4වන ස්ථානයේ පසු වනවා.

ඒ අනුව Lucknow Super Giants සහ Royal Challengers Bangalore අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

අද තරගයට ක්‍රීඩා කිරීමට වැඩිම ඉඩකඩක් ඇති සංචිත පහතින්

Royal Challengers Bangalore –

Anuj Rawat, Faf du Plessis (c), Glenn Maxwell, Virat Kohli, Dinesh Karthik (wk), Shahbaz Ahmed, Wanindu Hasaranga, Suyash Prabhudessai, Josh Hazlewood, Harshal Patel, Mohammed Siraj

Lucknow Super Giants –

KL Rahul (c), Quinton de Kock (wk), Manish Pandey, Marcus Stoinis, Deepak Hooda, Ayush Badoni, Krunal Pandya, Jason Holder, Dushmantha Chameera, Ravi Bishnoi, Avesh Khan

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button