Cricket NewsEXCLUSIVE

අබාධ තත්වය හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත වනිඳු හසරංගට එක්දින තරඟාවලියේ ඉදිරි තරඟ අහිමි වෙයි.!

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත එකිදින තරඟාවලියේ මේ වන විට තරඟ 2ක් අවසන්ව ඇති අතර කණ්ඩායම් දෙක 1-1ක් වශයෙන් තරඟාවලියේ සම තත්වයේ පසුවනවා.

මේ අතර පළමු එක්දින තරඟය අතරතුර පාදයේ ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රිඩක වනිඳු හසරංගට එක්දින තරඟාවලියේ සියලු තරඟ අහිමි වී ගොස් ඇති බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

වනිඳුගේ මස්පිඬු වල අදාළ ආබාධය හට ගෙන ඇති අතර එය එතරම් විශාල ආබාධ තත්වයක් නොවුවත් ඔහුව පරික්ෂා කළ වෛද්‍යවරුන් උපදෙස් දී ඇත්තේ සති 2කක කාලයක් වනිඳුට විවේකිව ගත කරන ලෙසයි.

ඒ අනුව වෛද්‍ය උපදෙස් මත වනිඳු හසරංගහට සති 2ක කාලයක් විවේක ගැනීමට සිදුව ඇති බැවින් ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලියේ ඉදිරි තරග සියල්ලම ඔහුට අහිමි වී තිබෙනවා.

ඒ අනුව පසුගියදා පැවති දෙවන එක්දින තරගයේදී වනිදු හසරංග වෙනුවට ක්‍රීඩාකළ ජෙෆ්රි වැන්ඩසේ මෙම තරඟාවලියේ ඉදිරි තරග සඳහා ද ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button