Cricket NewsEXCLUSIVEIPL

“හසරංග අපට ඔබව අවශ්‍යයි, ඔබට පමණමයි RCB පන්දු යැවීම රැක ගත හැක්කේ” – RCB රසිකයන්ගෙන් වනිඳු හසරංගට උණුසුම් පිළිගැනීමක්.!

ක්‍රිකට් ලෝකේ දැවැන්තම ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෙසින් හැදින්වඳින්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පසුගිය දා ආරම්භ වූයේ අති උත්කර්ෂවත් සමාරම්භක උත්සවයකින් ඉන් අනතුරුවයි.

මේ අතර නවසීලන්තය සමඟ පැවති තරග සංචාරය හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භ වී සතියක කාලයකට පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙවර තරගාවලිය සඳහා මේ වන විට එක් වී සිටිනවා.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ට ඉතා උණුසුම් පිළිගැනීමක් ඉන්දිය ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගෙන් ද ලැබෙමින් පවතින අතර RCB කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පැමිණීම සම්බන්ධයෙන් ඔවුන්ගේ (RCB) නිල Instagram ගිණුමේ තබා තිබූ ඡායාරූපයට පමණක් මේ වන විට Like 973,751කක සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.

එය මෙවර තරඟාවලිය ආරම්භ වූවාට පසු RCB Instagram ගිණුමේ තැබූ ඡායාරූපයකට ලැබුණු ඉහළම LIKE සංඛ්‍යාවයි.

RCB කණ්ඩායම මේ වනවිට තරග තුනකට සහභාගි වී ඇති අතර ඉන් එක් තරඟයක් ජයගත් ඔවුන්ට තරග දෙකක් පරාජයෙන් අවසන් කිරීමට සිදු වූවා හිදී RCB පන්දුයවන්නන්ගේ දුර්වලතා කැපී පෙනුණු අතර වනිදු හසරංගගේ පැමිණීමත් සමඟ RCB පන්දු බලඇණිය ශක්තිමත් වනු ඇති බව RCB ක්‍රිකට් රසිකයන් ගේ විශ්වාසයයි.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
7
+1
2
+1
3
+1
1
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button