Cricket NewsEXCLUSIVE

මහේලගේ ප්‍රභල Mumbai Indians කණ්ඩායමට කඩුලු 7ක දැවැන්ත පරාජයක් උරුම කරමින් වනිඳුගේ RCB විශිෂ්ට ජයක් වාර්තා කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 18වන තරගය ලෙස ලෙස මහේල ජයවර්ධන විසින් ප්‍රධාන පුහුණුකාරීත්වය දරන Mumbai Indians සහ වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායම අතර අද පැවති තරඟයෙන් කඩුලු 7ක ජයක් හිමිකර ගැනීමට Royal Challengers Bangalore කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Royal Challengers Bangalore නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට Mumbai Indians කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Mumbai Indians කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනයේ කඩුලු 6ක් දැවී ලකුණු 151ක් රැස් කිරීමට සමත් වුනා.

Mumbai Indians වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Suryakumar Yadav පන්දු 37කදී ලකුණු 68ක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 6ක් සහ හතරේ පහරවල් 5ක් ඇතුලත් වුනා.

Rohit Sharma ලකුණු 26ක් රැස් කළ අතර Rohit Sharma ලකුණු 26ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සහ Harshal Patel කඩුලු දෙක බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 152ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන් පන්දුවාර 18.3ක් ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 152ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Royal Challengers Bangalore ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Anuj Rawat පන්දු 47ක් තුල වෙගවත් ලකුණු 66ක් රැස් කල අතර Virat Kohli ලකුණු 48ක් රැස් කළා.

පන්දු යැවීමේදී Jaydev Unadkat සහ Dewald Brevis එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7