Cricket GossipCricket NewsEXCLUSIVELPLPremier League

චාමික කරුණාරත්නගේ උඩ පන්දුව නිසා සමාජ මාධ්‍ය කැලඹෙයි – ක්‍රිකට් විචාරයකන් මෙන්ම ප්‍රේක්ශකයන්ගෙන් දැඩි දෝශාරෝපන

එල්පීඑල් තරගාවලියේ කළම්බු ස්ට්‍රයිකර්ස් ක්‍රීඩක චාමික කරුණාරත්න කැන්ඩි ෆැල්කන්ස් ක්‍රීඩක මොහොමඩ් හැරිස් එල්ල කළ උඩ පන්දුව නිසි පරිදි රැක ගත්තද, තෙවැනි විනිසුරු එම දැවී යෑම ප්‍රතික්ෂේප කිරීමෙන් ක්‍රිකට් විචාරකයෝ මෙන්ම සමාජ මාධ්‍ය කැලඹීමට පත්වෙයි.

හැරිස්, ඩීප් කවර් වෙතට උඩින්ම එල්ල කළ පහර චාමික කරුණාරත්න විසින් ගුවනේ පාවී රැක ගත්තද පන්දුව බිම වැදුණු බව රූපවාහිනී විනිසුරුගේ තීරණය විය. එහෙත් එය මනා පාලනයකින් රැකගත් උඩ පන්දුවක් බව විචාරක මතයවී තිබේ.

එල්පීඑල් ඉතිහාසයේ විස්මයජනක උඩ පන්දුවක් ලෙසින් නම් වූ මේ අවස්ථාව පිළිබඳ තෙවැනි විනිසුරුගේ තීන්දුව ද විස්මයජනක එකක් බව බොහෝ දෙනකුගේ මතයවී ඇත. මේ පිළිබඳ එල්පීඑල් තරග අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ තම ජීවිතයේ දුටු විශිෂ්ටම උඩ පන්දු රැකී මක් චාමිකගෙන් දුටු බවය. “ඒක කැච් එකක් නොවෙයි කියනවා නම් මට කියන්න තියෙන්නේ මා දුටු හොඳම කැපවීම කියලයි. ඒ වගේ ක්‍රීඩකයන් අපි ධෛර්යවත් කළ යුතුයි” දොඩන්වෙල මහතා සිය සටහනේ තබා ඇත. මෙයට පෙර 2022 එල්පීඑල් තරගවාරයේදී චාමික උඩ පන්දුවක් රැක ගැනීමට ගොස් ඔහුගේ දත් හතරකට හානි සිදු වී රෝහල්ගත කෙරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
4
+1
8
+1
10
+1
6
+1
10
+1
34

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button