Cricket NewsEXCLUSIVEMatch Review

ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේ කොදෙව් පිතිකරුවන් දණ නමයි – ප්‍රවින්ගෙන් සුපිරි පන්දු යැවීමක්.!

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනට වර්ෂාවෙන් බාධාවීම නිසා නියමිත වේලාවට තරගය ආරම්භ කිරීමට නොහැකි වූ අතර කෙසේ වෙතත් තරගය පෙ.ව. 10.45 ට ආරම්භ කිරීමට හැකියාව ලැබුනා.

ඒ නියමිත වේලාවට වඩා පැයක පමණ ප්‍රමාදයකින් පසුවයි.

දිනය ආරම්භ කරන විට කඩුලු 9ක් දැවී ලකුණු 224ක් ලබා සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව් කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 230කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.ඒ, කොදෙව් ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ෂැනොන් ගේබ්‍රියල්ගේ කඩුල්ල දවා ගැනීමට ප්‍රවීන් ජයවික්‍රම සමත්වීමත් සමගයි.

ජොෂුවා ද සිල්වා නොදැවී ලකුණු 15යි.

කොදෙව් ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 41ක් හා ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 20ක් ලබා ගත්තා.ක්යිල් මේයර්ස් ලකුණු 45කටත්, ජේසන් හෝල්ඩර් ලකුණු 36කටත් දැවී ගිය අතර, රකීම් කෝන්වෝල් ලකුණු 39ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 40කට කඩුලු 4ක් හා රමේෂ් මෙන්ඩිස් ලකුණු 75කට කඩුලු 3ක් බිද හෙලුවා.තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 386ක් රැස් කළා.

ඒ අනුව කොදෙව් පළමු ඉනිම ලකුණු 230කට සිමා වුයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක ලකුණු 156ක වාසියක් ද අත් කර දෙමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7