Cricket NewsEXCLUSIVE

ක්‍රීඩා ඇමති පත් කල, අර්ජුන රණතුංගගේ සභාපතීත්වයෙන් යුත් අතුරු කමිටුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් – අර්ජුන ක්‍රිකට් ආයතනයෙන් පිට වෙයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අතුරු කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අතුරු කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම දින 14 කට වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඊයේ (06) දිනයේ අර්ජුන රණතුංගගේ සභාපතීත්වයෙන් යුත් අතුරු කමිටුවක් පත් කිරිමට තීරණය කර තිබුයේ ද කැබිනට් මණ්ඩලයෙන් හෝ කරුණු විමසීමකින් තොරවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button