Cricket NewsEXCLUSIVE

ඉන්දියාව 1994 වසරෙන් පසුව එකදු හෝ ටෙස්ට් තරඟයක් පරාජය නොවුණු මොහාලි ක්‍රීඩාංගණයේ ඉන්දීය ආධිපත්‍ය බිඳ දමන්නට යොවුන් සිංහයින්ට හැකියාව ලැබේවිද ?

ඉන්දීය කණ්ඩායම1994 දෙසැම්බර් මාසයේදී මොහාලි හි පන්ජාබ් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී ප්‍රථම වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේය. එම තරඟයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල හමුවේ ලකුණු 243ක දැවැන්ත පරාජයක් අත්විඳීමට කණ්ඩායමට සිදුවිය. එතැන් සිට, මොහාලි ටෙස්ට් තරඟ 12 කට සත්කාරකත්වය ලබා දී ඇති අතර ඉන්දියාව එහි කිසි දිනක තරඟයක් පරාජය වී නොමැත.

වඩාත් ආකර්ෂණීය ආකාර්ෂණීය කරුණ නම්, 2000 වසරේ සිට මේ දක්වා සත්කාරක ඉන්දීය කණ්ඩායම මෙම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන ලද ටෙස්ට් තරඟ 10 න් 7 ක් ජයගත් අතර අනෙක් තරඟ තුන ජය පරාජයෙන් තොරව අවසන් විය.

උක්ත කරුණ පැහැදිලිවම මොහාලි ක්‍රීඩාංගණය තුලදී ඉන්දියාවේ ප්‍රබලතම ආධිපත්‍ය බිඳ දැමීම අසීරු බව ප්‍රකට කරන්නකි.ඉන්දීය කණ්ඩායම තරඟ ජයග්‍රහණය කරන්නේ කෙසේදැයි දන්නා ප්‍රභල බලකොටුවකි.

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී රෝහිත් ෂර්මා ඉන්දීය කණ්ඩායම මෙහෙයවන පළමු ටෙස්ට් තරඟය හා විරාට් කෝලිගේ සියැවෙනි ටෙස්ට් තරඟය මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම ක්‍රීඩා කරන තුන්සියවැනි ටෙස්ට් තරඟයද වෙයි.දෙපිලටම තීරණාත්මක තරඟයක් ඉන්දියාවේ ප්‍රභලතම ටෙස්ට් තණතීරු වලින් එකක හෙටින් ඇරඹීමට නියමිතය.

මොහාලි හි තණතීරුව 1990 ගණන්වල සිට වේගපන්දු යවන්නන්ට හට සහාය වන බව ප්‍රසිද්ධ රහසකි.එය ඉන්දියාවේ එවැනි ටෙස්ට් ක්‍රීඩාංගණ අතලොස්සගෙන් එකකි. නමුත් වසර ගණනාවක් පුරා, දඟ පන්දු යවන්නන්ද මෙම තණතීරුවෙන් හොඳ දඟකැවීමක් ලබා ගන්නටද සමත් විය.

2012 වසරේ සිට ඉන්දියාව ටෙස්ට් ක්‍රිකට් පිටියේ පිහිටුවා ඇති වාර්ථාවට අඩිතාලම දමා ඇත්තේ දඟපන්දු යවන්නන් හට පිතිකරුවන් අවුල් කිරීමට ඇති හැකියාව මතය. ආසියාවෙන් පිටත රටවල් කිහිපයක් මෙන්ම, උප මහද්වීපික කණ්ඩායම් වලටද එරෙහිව තම මව් රටේදී දඟපන්දු යවන්නන් යොදාගැනීම අතින් ගත් කල ඉන්දියාව පසු වන්නේ ඉහල මට්ටමකය.

රවිචන්ද්‍රන් අශ්වින් සහ රවීන්ද්‍ර ජඩේජා මෙම සංචිතය තුළට පැමිණීමත් සමඟ දඟපන්දු බලඇණිය වඩාත් සමබර විය.මොහාලි හි සිව්වැනි හා පස්වැනි දිනයේදී පා කඩතොලු මත හොඳින් දඟකැවීමක් නිර්මාණය කරගන්නට ඔවුන් හට හැකියාව ලැබෙනු ඇත.

බොහෝ විට මොහාලි හිදී වේගපන්දු යවන්නන් තිදෙනෙකු දෙසට වඩාත් අවධානයක් දෙපිලම අවධානය යොමු කරනු ඇති අතර වේගපන්දු යවන්නන් තිදෙනෙක් දඟපන්දු යවන්නන් දෙදෙනෙකු හා පිතිකරුවන් හයදෙනෙකු සමඟින් කණ්ඩාම් තමන්ගේ සංයුතිය නිර්මාණය කරගැනීමට අපේක්ෂා කරනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7