Cricket NewsEXCLUSIVE

පකිස්ථානයට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශුරතාවලියේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට.!

ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අද පැවති දෙවන සහ අවසන් තරඟයෙන් ලකුණු 246ක ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම 1-1ක් ලෙස තරඟාවලිය ජය පරාජයකින් තොරව අවසන් කිරීමට සමත්වුනා.

ඒ සමගින් ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණෙමින් තෙවන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වුවා.

තරඟාවලියේ පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පාකිස්තානය ලකුණු 342 ඉලක්කයක් සාර්ථකව හඹා ගොස් විශිෂ්ඨ ජයක් ලැබීමත් සමග ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පාකිස්තානය සමත් වුයේ එතෙක් තෙවැනි ස්ථනයේ රැඳී සිටි ශ්‍රී ලංකාව 6වැනි ස්ථනය දක්වා පහතට ඇද දමමිනි.

කෙසේ නමුත් අද තරඟයෙන් ලැබූ ජයග්‍රහණයත් සමග 53.33% ජයග්‍රාහී ප්‍රතිශතයක් හිමිකර ගනිමින් ශ්‍රී ලංකාව නැවත ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්වුවා. ඒ සමගම ජයග්‍රහන ප්‍රතිශතය 51.85% ක් දක්වා පහත බැසූ පකිස්ථානය එහි පස් වැනි ස්ථානය දක්වා පහතට ඇද වැටුනා.

නවතම ටෙස්ට් ලෝක ශුරතා ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7