EXCLUSIVEIPLPremier League

කොල්කටාවේ බලාපොරොත්තු විනාශ කර දැමූ යුස්වේන්ද්‍ර චාහල් එදා මෙදා තුර අයිපීඑල් වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණට !

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 56 වැනි තරඟයේදී කොල්කටා නයිට් රයිඩර්ස් සමඟින් තරඟ වැදුනේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.කාසියේ වාසිය දිනාගත් රාජස්ථානයේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස් කිරීමට සමත්වූයේ ලකුණු 149 ක් පමණයි.

ප්ලේ ඕෆ්ස් වටයක් කරා යෑමට කොල්කටා කණ්ඩායමට අතිශය තීරණාත්මක වූ අද තරඟයේදී කොල්කටා පිතිකරණ බලඇණිය විනාශ කර දමන්නට යුස්වේන්ද්‍ර චාහල් සමත්වූයේ ලකුණු 25 කට කඩුලු 4 ක් බිඳහෙලමින්.

ඒත් සමඟින් චාහල් අද වාර්ථා පොත් අලුත් කලේ සර්වකාලීන අයිපීඑල් විශිෂ්ඨතමයෙකු ලෙසින් සැලකෙන ඩ්වේන් බ්‍රාවෝ අභිබවා යමින්.තරඟ 161 ක් තුලදී කඩුලු 183 ක් දවාගනිමින් අයිපීඑල් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වූ බ්‍රාවෝ පසු කරයන්නට චහල් සමත් වූයේ තරඟ 143 ක් පමණක් වැය කරමින්.පසුගිය වසරේදීද අයිපීඑල් හි වැඩිම කඩුලු ලාභියා වූ චහාල් මේ වසරේදීද මේ වන විට තරඟාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමව විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
0
+1
1
+1
2
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button