Cricket NewsEXCLUSIVE

එක් ඉනිමක් එක් රැයක් තුල රෝහිත් ශර්මා දැවැන්ත කඩයිම් රැසක් පසු කරයයි !

අද ඉන්දීය නායක රෝහිත් ශර්මා ඔස්ට්‍රේලියානු කන්ඩායමට එරෙහිව විශිෂ්ඨ ඉනිමක් දියත් කරමින් පන්දු 41 කදී ලකුණු 92 ක් රැස් කල අතර මෙම ඉනිම වාර්ථා රැසක්ද අලුත් කරන්නට සමත් විය.

අද රෝහිත් ශර්මා විස්සයි විස්ස ඉතිහාසයේ ඉහළම ලකුණු ලාභියා බවට පත් විය.එමෙන්ම ජගත් විස්සයි විස්ස පිටියේ හයේ පහරවල් දෙසීයක් සම්පුර්ණ කිරීමටද ඔහු සමත් විය.

ඔස්ට්‍රේලියානු කන්ඩායමට එරෙහිව රැස් කල වේගවත්වම ලෝක කුසලාන අර්ධ ශතකය මෙන්ම ජගත් විස්සයි විස්ස පිටියේ එක් තරඟයක් තුල මිචෙල් ස්ටාක්ට එරෙහිව වැඩිම ලකුණු ගණනක් රැස් කරගත් ක්‍රීඩකයා බවටද රෝහිත් පත් විය.

එමෙන්ම මෙවර ලෝක කුසලානයේ වේගවත්ම අර්ධ ශතකය මෙන්ම එක් තරඟයකදී ඉන්දියාව වෙනුවෙන් ලෝක කුසලානයක් තුල එල්ල කල වැඩිම හයේ පහරවල් ගණනද ඔහු සතුවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button