Cricket NewsDomestic CricketEXCLUSIVE

ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සමඟ පැවති එකම නිල නොවන සිව්දින ටෙස්ට් තරගයත් ඉනිමකින් ජය ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ සමත්වේ.

සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සමඟ පැවති එකම නිල නොවන සිව්දින ටෙස්ට් තරගයත් ඉනිමකින් සහ ලකුණු 26කින් ජයගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ ඊයේ සමත් වූහ.

ඇෆ්ගනිස්තානය සමඟ පැවති නිල නොවන එක්දින තරගාවලියත් 3-2ක් ලෙස ජයගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමයි.

කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවති මේ තරගයේ අවසන් දිනය වූ ඊයේ ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක නිරත වූ ඇෆ්ගන් පිල ලකුණු 133ක් පසුපසින් පිටියට පිවිසියේ කඩුලු 8ක් අතැතිවය.

එහෙත් දෙවැනි ඉනිම සඳහා ඔවුන්ට තවත් එක් කර ගත හැකි වූයේ ලකුණු 107ක් පමණි. ඔවුන්ගේ අවසන් කඩුලු 4 ලකුණු 18ක් තුළ බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 435ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ඇෆ්ගන් පිලට පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ හැකි වූයේ ලකුණු 198ක් පමණි. පිට පිට දෙවැනි වරටත් ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා පිටියට පිවිසි ඇෆ්ගන් පිලට දෙවැනි ඉනිමේදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 211ක් පමණි. ඇෆ්ගන් දෙවැනි ඉනිම බිඳ දැමූ නිසල තාරක කඩුලු 6ක් දවාගත්තේ ලකුණු 42ක් පමණක් ලබා දෙමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button